බෝලෙ මුහුණේ වැදුණට ඔස්ට්‍රේලියානු ටෙනිස් ශූරයා ප්‍රසිද්ධියේ සමාව අයදියි

ATP විවෘත තරගාවලියේ සුදුසුකම් ලැබීමේ තරගයක දී ටෙනිස් විනිසුරු බෙන් ඇන්ඩර්සන්ගේ මුහුණට පන්දුවක් වැදීම සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියානු ටෙනිස් ශූරයෙකු ප්‍රසිද්ධියේ සමාව අයැද සිටිනවා.

මෙම සිදුවීම පසුගියදා සිදු වූයේ චීනයේ පැවැත්වෙන විවෘත ටෙනිස් තරගාවලියේ පැවති සුදුසුකම් ලැබීමේ තරග වටයල් ෂැංහයි මාස්ටර්ස් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන අතරතුරයි.

ඔස්ට්‍රේලියානු ටෙනිස් ශ්‍රේණිගත කිරීම්හි ප්‍රමුඛතා ලැයිස්තුවේ සිටින්නෙකු වන Marc Polmans විසින් තරගයක් අතරතුර එල්ල කරන ලද පහරක් වැරදීමෙන් තරග විනිසුරු ලෙස පිටියෙහි රැඳී සිටි විනිසුරුවරයාගේ මුහුණෙහි වැදී තිබෙනවා.

එය අත් වැරදීමකින් සිදු වූවක් බවත්, ඒ සම්බන්ධයෙන් තමන්ගේ කනගාටුව මෙන් ම සිදු වූ අපහසුතාවට සමාව ද මාර්ක් විසින් ඉල්ලා ඇති බවයි CNN පුවත් අංශය වාර්තා කරන්නේ.

Polmans ඉතාලි ක්‍රීඩක Stefano Napolitano ට එරෙහිව තරග කරමින් සිටියදියි ඇන්ඩර්සන්ගේ මුහුණට පෝල්මන්ස් එල්ල කළ පහරකින් පන්දුව මුහුණෙහි වැදුණේ.

ඔස්ට්‍රේලියානු ටෙනිස් ක්‍රීඩකයා සිය නිල X (ට්විටර්) හි සටහනක් තබමින් සඳහන් කර ඇත්තේ තමන්ගේ ක්‍රියාවන් සඳහා විනිසුරු බෙන්ගෙන් සමාව අයැද සිටින බවයි.

එය වැඩිදුරටත් මෙසේයි;

“The umpire, Ben, has accepted my apology for my actions – he knows it was unintentional and I shanked the ball on the frame in frustration in the heat of the moment..” යනුවෙන්.

කෙසේවෙතත් රොයිටර් වාර්තා කළේ පොල්මන්ගේ හැසිරීම යෝග්‍ය නොවීම හේතුවෙන් තරගාවලියෙන් ලැබුණු සියලුම ශ්‍රේණිගත කිරීම්, ලකුණු සහ ත්‍යාග මුදල් අහිමි වනු ඇති බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ශිරන්ති බලන්න සීලරතන හිමි වැලිකඩට - පට්ටපල් හොරු ටික හිරේ දැම්මට කමක් නෑ
04:51
Video thumbnail
වැසිකිළියකින් මතුවූ නීති විරෝධී මත්පැන් ස්කාගාරය - බඩුත් එක්කම සැකකරුවෙක් මාට්ටු
02:33
Video thumbnail
මහානායක හිමි ගැට ගහපු පිරිත් නූල ජනාධිපති විසික් කරලා ගිහින් ?
06:24
Video thumbnail
ජනාධිපතිතුමා පුළුවන්නම් ඔය පුටුවට මාව ගෙන්න ගනින් - ඔය Logic දාපන් මට
02:45
Video thumbnail
දන් බත් කාලා බුදු බණවලින් ග#න්න එන්න එපා - සිවුරට අත තියලා වෙච්ච දේ දැක්කනේ..
02:39
Video thumbnail
අපි හිරේ දැම්මත්, ජම්පරේ ඇන්දුවත් සටන අත් හරින්නේ නෑ - උන්වහන්සේ අපි වෙනුවෙන් හිරබත් කනවා
04:07
Video thumbnail
මහා සංඝ රත්නය ඥානසාර හිමි වෙනුවෙන් මහනුවර සිට අරඹපු පා ගමන - දහස් ගණනක් දළඳා මාළිගාවට එකතුවෙයි
01:31
Video thumbnail
හරියට කරනවනම් කරපල්ලා..නැත්තම් දාලා පලයල්ලා - අනුරලා රජ වෙන්න ඉස්සර අරිහත් ධජයේ හැංඟිලා හිටියේ
09:57
Video thumbnail
මෛත්‍රී ගුණරත්න ආණ්ඩුවට දෙහි ක#පයි - සදාචාරයට පටහැනි දේවල් මේ ජනපති කරන්නේ
04:07
Video thumbnail
අනේ දෙයියනේ..අද ජාතියේ මුරදේවතාවන්ට ග#න ගැ#හිල්ල - සිවුරට අත තියනවනම් සියපාරක් හිතන්න ඕනි
03:09