බෝම්බ බිය නිසා ගුවන් යානයක් හදිස්සියේ ගොඩ බැස්වයි

සිංගප්පූරු ගුවන් සේවයට අයත් යානයක් බෝම්බ බියක් හේතුවෙන් හදිසියේම ගොඩබැස්සවීමට කටයුතු කළ පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

එහි ගමන් කරමින් සිටි මගියෙකු එක්වරම තම ගමන් බෑගයේ බෝම්බයක් ඇති බවට ප්‍රකාශ කර ඇත. එහිදී වහාම ක්‍රියාත්මක වූ ගුවන් කාර්යමණ්ඩලය ආරක්ෂක පියවරක් ලෙස ගුවන් යානය චැංගි ගුවන් තොටුපළ වෙත ගොඩබෑමට පියවර ගනු ලැබිණි.අනතුරුව එරට ආරක්ෂක අංශ විසින් සැකකාර පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබේ.

එහිදී සිදුකළ පරීක්ෂා කිරීම්වලදී ඔහු සතුව බෝම්බයක් තිබී නොමැති බවට පසුව අනාවරණය වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ .

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?