රජයේ වාණිජමය නොවන ආයතන පිළිබඳ අධීක්ෂණයට පත් කළ කමිටුව ජනපති හමුවට

රජයට අයත් වාණිජමය නොවන ආයතන පිළිබඳව පසුගිය වසරේ මාර්තු 17 වන දින අමාත්‍ය මණ්ඩලය විසින් ගන්නා ලද තීරණය ක්‍රියාත්මක කිරීම අධික්ෂණයට අග්‍රාමාත්‍ය ලේකම්ගේ සභාපතිත්වයෙන් පත් කළ නිලධාරි කමිටුව ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් ඊයේ (10) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී රැස් වුණා.

රජයට අයත් වාණිජමය නොවන ආයතන තත්කාලීන අවශ්‍යතාවලට ගැළපෙන අයුරින් යාවත්කාලීන නොවීම, පැවරී ඇති බලතල ප්‍රමාණවත් නොවීම හෝ නොගැළපීම, එම ආයතන වෙත පැවරී ඇති කාර්යය පෞද්ගලික අංශය විසින් වඩාත් කාර්යක්ෂම අයුරින් ඉටුකරනු ලැබීම සහ එකම හෝ සමාන හෝ කාර්යයන් ඉටු කරන ආයතන කිහිපයක් පැවතීම ආදී කරුණු සලකා බලා අමාත්‍ය මණ්ඩලය, රජයට අයත් වාණිජමය නොවන ආයතන 124ක් සම්බන්ධයෙන් කාණ්ඩ 09ක් යටතේ ගත යුතු ඉදිරි ක්‍රියා මාර්ග පිළිබඳ තීරණ ලබා දී තිබෙනවා.

එම තීරණ ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය කාර්තුමය වශයෙන් අමාත්‍ය මණ්ඩලය වෙත වාර්තා කිරීමේ වගකීමද උක්ත නිලධාරි කමිටුව වෙත පවරා තිබෙනවා.

එම කමිටුවෙහි අධීක්ෂණය අනුව අමාත්‍ය මණ්ඩල තීරණය ක්‍රියාත්මක කිරීමේ වර්තමාන තත්ත්වය, ඇතැම් ආයතනවලට අදාළ තීරණ ක්‍රියාත්මක කිරීමේදී පැන නැගී ඇති ගැටලු සහ එම ගැටලු නිරාකරණය කර ගැනීම සඳහා ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග සාකච්ඡා කිරීම සඳහා මෙම කමිටුව ජනාධිපතිවරයා විසින් කැඳවනු ලැබුවා.

කමිටුවේ සභාපති අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි සහ කමිටුවේ සෙසු සාමාජිකයන් වන කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ජේ.එම්.ටී. ජයසුන්දර, කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශයේ ලේකම් ඩී.පී. වික්‍රමසිංහ, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් ජී.එම්.ආර්.ඩී අපෝන්සු, රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (අභ්‍යන්තර පාලන) හිරන්සා කළුතන්ත්‍රි, ජාතික අයවැය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ජූඩ් නිලුක්ෂාන්, රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් බී.ටී.ඒ. රුද්‍රිගෝ, අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් සහ කමිටුවේ කැඳවුම්කරු සාගරිකා බෝගහවත්ත මෙන්ම ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි ප්‍රභාත් චන්ද්‍රකීර්තිද මෙම අවස්ථාවට එක්ව සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බාල ගල් අඟුරු නිසා මිලියන 15000කට වැඩි පාඩුවක් වෙලා
01:10
Video thumbnail
ආණ්ඩුව රාජපක්ෂලට හීනෙනුත් බයයි
01:23
Video thumbnail
ආණ්ඩුව සුපිරිම සුපිරි වැඩක් කරන්නේ
01:08
Video thumbnail
ආණ්ඩුව රාජපක්ෂලට හීනෙනුත් බයයි..නාමල් ඇතුළට දැම්මේ පළිගැනීමට
02:49
Video thumbnail
බාල ගල් අඟුරු නිසා මිලියන 15000කට වැඩි පාඩුවක් වෙලා - බැඳුම්කර මංකොල්ලයට වඩා වැඩියි
02:21
Video thumbnail
ඥානසාර හිමියන් ඇතුළට යන්න හේතුව එකින් එක හෙළිකළ සන්ධ්‍යා එක්නැළිගොඩ
26:23
Video thumbnail
ශිරන්ති අතත් වනාගෙන බන්ධනාගාර බසයට නගියි
01:29
Video thumbnail
තම සැමියා වෙනුවෙන් අධිකරණයට ආ හිටපු අගවිනිසුරු
00:37
Video thumbnail
ඥානසාර හිමි ගිහි ඇඳුමෙන් ගෙන ඒම පිළිකුලෙන් හෙළා දකිනවා - රජ කරන්නේ සිංහල බෞද්ධ රටක
04:10
Video thumbnail
ශිරන්ති බන්ධනාගාරයට ගෙනියද්දි අධිකරණය ඉදිරියේ උණුසුම් -"මැඩම් ශක්තිමත් වෙන්න ශක්තිමත් වෙන්න"
02:40