රුපියල් පනස් එක් කෝටි හැට එක් ලක්ෂ පනස් දහසක් වටිනා කොකේන් මත්ද්‍රව්‍ය තොගයක් රැගත් විදේශීය ගුවන් මගී කාන්තාවක් රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.
අද (30) අලුයම මෙම සැකකාරිණිය අත්අඩංගුවට ගැනුණේ, කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ දීයි.
ඇය 38 හැවිරිදි ස්වයං රැකියාවක නිරත තායිලන්ත කාන්තාවක් බවයි වාර්තා වන්නේ.
අද අලුයම 02.00ට කටාර් රාජ්‍යයේ දෝහා සිට කටාර් ගුවන් සේවයේ කිව්.ආර්.- 662 දරන ගුවන් යානයෙන් සැකකාරිණිය කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා.
ඇය විසින් රැගෙන ආ ගමන් මල්ල තුළ ( ටෙඩි බෙයාර්) රෙදිවලින් සකස් කර, ඇතුළට පැඩින් නමැති පුළුන් විශේෂය පුරවා සකස් සෙල්ලම් බෝනික්කන් තිදෙනෙකු තුළ කිලෝග්‍රෑම් 10යි ග්‍රෑම් 323 ක් බර, කොකේන් මත්ද්‍රව්‍ය කරල් 500ක් සඟවා ගෙනැවිත් බවයි පැවසෙන්නේ.
අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය තොගය සහ සැකකාරිණිය පිළිබඳ ව වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.





