බෝනික්කන්ගේ වෙස් ගෙන රටට ගෙන ආ කෝටි 60 ඉක්ම වූ කොකේන්

රුපියල් පනස් එක් කෝටි හැට එක් ලක්ෂ පනස් දහසක් වටිනා කොකේන් මත්ද්‍රව්‍ය තොගයක් රැගත් විදේශීය ගුවන් මගී කාන්තාවක් රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.

අද (30) අලුයම මෙම සැකකාරිණිය අත්අඩංගුවට ගැනුණේ, කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ දීයි.

ඇය 38 හැවිරිදි ස්වයං රැකියාවක නිරත තායිලන්ත කාන්තාවක් බවයි වාර්තා වන්නේ.

අද අලුයම 02.00ට කටාර් රාජ්‍යයේ දෝහා සිට කටාර් ගුවන් සේවයේ කිව්.ආර්.- 662 දරන ගුවන් යානයෙන් සැකකාරිණිය කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා.

ඇය විසින් රැගෙන ආ ගමන් මල්ල තුළ ( ටෙඩි බෙයාර්) රෙදිවලින් සකස් කර, ඇතුළට පැඩින් නමැති පුළුන් විශේෂය පුරවා සකස් සෙල්ලම් බෝනික්කන් තිදෙනෙකු තුළ කිලෝග්‍රෑම් 10යි ග්‍රෑම් 323 ක් බර, කොකේන් මත්ද්‍රව්‍ය කරල් 500ක් සඟවා ගෙනැවිත් බවයි පැවසෙන්නේ.

අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය තොගය සහ සැකකාරිණිය පිළිබඳ ව වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඉදිරියේදී 20%ක විතර විදුලි බිල වැඩිවෙනවා ?ඩීසල්වලින් රු.70ක් අඩුවෙනවලු..මේවා ගෙවන්නෙත් අපිනේ
09:13
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30