බොලීවියාවට සරම්ප, රුබෙල්ලා එන්නත් මාත්‍රා 300,000ක ප්‍රදානයක්

සරම්ප හා රුබෙල්ලා රෝගී තත්ත්වයන් පැතිරීම වැළැක්වීම සඳහා මානුෂීය සහනාධාර ලෙස ඉන්දීය රජය විසින් බොලිවියාවට එන්නත් මාත්‍රා ලක්ෂ 03ක ප්‍රදානයක් සිදු කරනු ලැබුවා.

ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ, මෙම වෛද්‍ය සැපයුම් තොගය ඊයේ (17) පස්වරුවේ පිටත්කර හැරි බවයි.

“රෝගය පැතිරීම කළමනාකරණය කිරීමේ දී බොලිවියාවට සහාය වීම සඳහා ඉන්දියාව සහායක සැපයුම් සමඟ සරම්ප සහ රුබෙල්ලා එන්නත් මාත්‍රා 300,000 ක තොගයක් යවා ඇත. ගෝලීය ව ඉන්දියාව දකුණේ සිට තම මිතුරන් සමඟ සිටී,” යනුවෙන් විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශක රන්ධීර් ජයිස්වාල් X හි සටහනක සඳහන් කළා.

ප්‍රදේශ කිහිපයක සරම්ප රෝගීන් නැවත ඇතිවීම හේතුවෙන් බොලිවියාව ජාතික සෞඛ්‍ය හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

මේ වන විට තහවුරු වූ රෝගීන් 60ක් වාර්තා වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරනවා.

“රට අත්විඳිමින් සිටින සරම්ප වසංගතයට සහ රෝගය පැතිරීමේ ඉහළ අවදානමට ප්‍රතිචාර වශයෙන්, සෞඛ්‍ය හදිසි අවස්ථා සඳහා වූ ජාතික උපායමාර්ගික කවුන්සිලය හදිසියේ කැඳවීමෙන් පසු, බොලිවියානු ජනතාවගේ සෞඛ්‍යය හා ජීවිත ආරක්ෂා කිරීමේ දැඩි අභිප්‍රාය ඇතිව ජාතික සෞඛ්‍ය හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත් කිරීමට අපි තීරණය කර ඇත්තෙමු,” බොලිවියානු ජනාධිපති ලුයිස් ආර්ස් කැටකෝරා සමාජ මාධ්‍ය ඔස්සේ නිවේදනය කළ බව ෂින්හුවා පුවත් සේවය උපුටා දක්වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?