බොලීවියාවට සරම්ප, රුබෙල්ලා එන්නත් මාත්‍රා 300,000ක ප්‍රදානයක්

සරම්ප හා රුබෙල්ලා රෝගී තත්ත්වයන් පැතිරීම වැළැක්වීම සඳහා මානුෂීය සහනාධාර ලෙස ඉන්දීය රජය විසින් බොලිවියාවට එන්නත් මාත්‍රා ලක්ෂ 03ක ප්‍රදානයක් සිදු කරනු ලැබුවා.

ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ, මෙම වෛද්‍ය සැපයුම් තොගය ඊයේ (17) පස්වරුවේ පිටත්කර හැරි බවයි.

“රෝගය පැතිරීම කළමනාකරණය කිරීමේ දී බොලිවියාවට සහාය වීම සඳහා ඉන්දියාව සහායක සැපයුම් සමඟ සරම්ප සහ රුබෙල්ලා එන්නත් මාත්‍රා 300,000 ක තොගයක් යවා ඇත. ගෝලීය ව ඉන්දියාව දකුණේ සිට තම මිතුරන් සමඟ සිටී,” යනුවෙන් විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශක රන්ධීර් ජයිස්වාල් X හි සටහනක සඳහන් කළා.

ප්‍රදේශ කිහිපයක සරම්ප රෝගීන් නැවත ඇතිවීම හේතුවෙන් බොලිවියාව ජාතික සෞඛ්‍ය හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

මේ වන විට තහවුරු වූ රෝගීන් 60ක් වාර්තා වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරනවා.

“රට අත්විඳිමින් සිටින සරම්ප වසංගතයට සහ රෝගය පැතිරීමේ ඉහළ අවදානමට ප්‍රතිචාර වශයෙන්, සෞඛ්‍ය හදිසි අවස්ථා සඳහා වූ ජාතික උපායමාර්ගික කවුන්සිලය හදිසියේ කැඳවීමෙන් පසු, බොලිවියානු ජනතාවගේ සෞඛ්‍යය හා ජීවිත ආරක්ෂා කිරීමේ දැඩි අභිප්‍රාය ඇතිව ජාතික සෞඛ්‍ය හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත් කිරීමට අපි තීරණය කර ඇත්තෙමු,” බොලිවියානු ජනාධිපති ලුයිස් ආර්ස් කැටකෝරා සමාජ මාධ්‍ය ඔස්සේ නිවේදනය කළ බව ෂින්හුවා පුවත් සේවය උපුටා දක්වනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30
Video thumbnail
වස විස නැති පලතුරු කඩවලට රජයෙන් සහතිකයක් - කඩ සිතියම් ගතකරයි
03:23
Video thumbnail
යෝෂිතගේ ලක්ෂ 730ක ඉඩම් නඩුව කල්යයි - හිනාවකුත් දාගෙන ගැම්මට ආපු හැටි
01:16
Video thumbnail
නි.ආරක්ෂක ඇමතිට බංකු අරගෙන ඇවිත් අපෙන් ආ‍රක්ෂාව ගැන උපදෙස් ගන්නවෙලා
08:03
Video thumbnail
ලාල්කාන්ත මාධ්‍යය පෙන්නලා දැම්ම සත්තම - "මු..මුන් අපේ වචනයකට කෙ#න්නමයි හදන්නේ..කෙ#පල්ලකෝ"
02:53
Video thumbnail
කොමිසමෙන් එළියට ආ බන්දුල හෙළිකල දේ - "අපි වෙනස් ජාතියක දේශපාලන සත්වයෝ"
05:20
Video thumbnail
පන්සලේ විදුලි බල්බ නිවලා චෛත්‍යයේ කොත සහ චූඩාමාණික්‍යය හොරු උස්සලා
01:47
Video thumbnail
රුවන්වැලි මහසෑ නායක හිමියන් ළමා දිනය වෙනුවෙන් කළ අපූරු ක්‍රියාව
14:57
Video thumbnail
නපති ප්‍රධානත්වයෙන් අරඹපු කටුනායකට ගුවන් යානා ඉන්ධන ගෙන යන නව නළ මාර්ගයේ ඉදිකිරීම
01:06
Video thumbnail
සුනිත්‍ය බලශක්ති අධිකාරිය අද බුදියගෙන - වහල මත සූර්ය පැනල ගහන එකේ දොර වහන්න හදන්නේ
04:25