බොර තෙල් මිලේ අඩුවීමක්

ලෝක වෙළෙඳපොළෙ බොර තෙල් මිලෙහි අඩුවීමක් තවදුරටත් පෙන්නුම්කර බව වෙළඳපොළ විශ්ලේෂකයින් පවසනවා.

චීනයෙන් සිදුකෙරෙන ඉන්ධන ඉල්ලුම අඩුවීම සහ ඇමරිකා එක්සත් ජනපදයේ පොළී අනුපාත නැවතවරක් වැඩි වෙතැයි යන අනුමාන මෙලෙස ලෝක වෙළෙඳපොළෙහි බොර තෙල් මිල පහළ යාමට බලපා ඇති බවයි වාර්තා වන්නේ.

ඒ, අනුව වෙස්ට් ටෙක්සාස් ඉන්ටර්මීඩියෙට් වර්ගයේ බොර තෙල් බැරලයක මිල ඩොලර් 87.90 දක්වා අඩු වී ඇති අතර, බ්‍රෙන්ට් වර්ගයේ බොර තෙල් බැරලයක මිල ඩොලර් 94.45 දක්වාත් පහත වැටී තිබෙනවා.

මේ අතර දේශීය වෙළඳපොලේ ඉන්ධන මිල ලබන සතිය තුළ අඩු කිරීමේ අපේක්ෂාවක් නොමැති බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ඊයේ සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?