බොරු චෝදනාවකට සිරබත් කා අවසන් ගමන් ගිය ශිවා ගැන අධිකරණයේ දී හෙළි වූ දේ

‘නන්දකුමාර් ශිවානන්දන් හෙවත් ශිවා’ යන පුද්ගලයා 2022 වසරේ ජුනි මස 03 වන දින කොළඹ මහාධිකරණ අංක 07 මහාධිකරණ ශාලාව වෙත පැමිණියේ ඔහුට එරෙහිව පැවති නඩුවකට පෙනී සිටීමටයි.

එම නඩුවේ වරද පිළිගැනීමෙන් පසුව මහාධිකරණය විසින් ශිවාට දඩ මුදලක් සහ අත්හිටවූ සිරදඬුවමක් ලබාදෙනු ලැබුවා.

නඩුව අවසන් වීමෙන් පසුව නිවස බලා යාමට සිටි ශිවාව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් විසින් අධිකරණ භූමිය තුළ දී ම නීතිවිරෝධී ලෙස අත්අඩංගුවට ගනු ලැබුවා.

පැමිණිල්ලේ සාක්ෂි අංක 01 වූ පැතුම් කුමාර අධිකරණයේ සාක්ෂි ලබා දෙමින් පිළිගත්තේ අත්අඩංගුවට ගත් මොහොතේ සැකකරු සන්තකයේ කිසිදු මත්ද්‍රව්‍යයක් නොතිබූ බවයි.

එම අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ දී ශිවා සන්තකයේ කිසිදු මත්ද්‍රව්‍යයක් හෝ අවම තරමින් ඔහුගේ ජංගම දුරකථනයවත් තිබුණේ නැහැ.

නිලධාරීන් පවසන අන්දමට ඉන්පසුව ඔහුව ‘චාමස් රථාංගනය’ වෙත රැගෙන ගොස් තිබෙනවා.

නිලධාරීන් පවසන්නේ ඉන් පසුව සැකකරු ද රැගෙන රාත්‍රී 8.30ට පමණ ඔහුගේ ගොතටුව පිහිටි නිවසට ගිය බවත්, එහි අල්මාරියක් තුළ තිබී මත්ද්‍රව්‍ය සොයා ගත් බවත් ය.

නිලධාරීන් ම ප්‍රකාශ කරන අන්දමට ගොතටුව නිවසට යන අවස්ථාවේදී ගොතටුව නිවසේ වැඩිමහල් දරුවන් හතර දෙනෙක් සහ සැකකරුගේ බිරිඳ ද සිට තිබෙනවා.

නමුත් ඒ කිසිවෙකුගෙන් අඩුම තරමින් ප්‍රකාශයක් හෝ සටහන් කරගෙන නැහැ.

කෙසේ නමුත් මේ ආකාරයේ කිසිදු මත්ද්‍රව්‍යයක් සොයා නොගත් බව ද පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් කියන කතාව සම්පූර්ණයෙන්ම අසත්‍යයක් හා අමූලික බොරුවක් බව ද ඔප්පු කරමින් සැකකරු වෙනුවෙන් CCTV දර්ශන පවා මුල් අවස්ථාවේ දී ම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබුණා.

වැදගත්ම කාරණය වන්නේ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් කියන ආකාරයට සත්‍ය වශයෙන්ම මත්ද්‍රව්‍ය සොයා ගත්තේ යැයි සිතුව ද ඒ අවස්ථාවේ නිවසේ සැකකරුගේ බිරිඳත් තවත් වැඩිමහල් දරුවන් හතර දෙනෙකුත් සිටි නිසා කිසි දිනක සැකකරුට එරෙහිව මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් “සන්තකය” ඔප්පු කිරීමට නොහැකි වුණා.

කරුණු එසේ තිබියදී, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් සැකකරුව අධිකරණය වෙත ඉදිරිපත් කොට රැඳවුම් නියෝගයක් ලබාගෙන රඳවා තබා ගන්නවා.

රැඳවුම් නියෝගය ප්‍රකාරව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ අත්අඩංගුවේ සිටි කාලය තුළ දී ‘සැකකරුගේ දුරකථනයට තවත් දුරකථන ඇමතුමක් ලැබුණා’ යැයි කියමින් කොහිලවත්ත ප්‍රදේශයේ මහපාරේ අත්හැර දැමූ ජූස් බාර් එකක් ළඟට සැකකරුව රැගෙන ගොස් එහි ලයිට් කණුවක් පාමුල තිබී තවත් මත්ද්‍රව්‍ය ප්‍රමාණයක් සොයාගන්නවා.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් එම මත්ද්‍රව්‍ය ප්‍රමාණය ද සැකකරුටම ආදේශ කර නඩු පවරනවා.

එවන් අවස්ථාවක කිසිසේත්ම මත්ද්‍රව්‍ය සන්තකයේ තබා ගැනීමක් සම්බන්ධයෙන් විත්තිකරුවෙකු වරදකරු කිරීමට නොහැකි බවයි නීතියේ දැක්වෙන්නේ.

මේ නඩුව මහාධිකරණය ඉදිරියේ විභාග වීමට නියමිතව තිබුණු අවස්ථා කිහිපයකදීම වැටලීම සිදු කළ අය යැයි කියනු ලබන පැමිණිල්ලේ සාක්ෂි අංක 01 වන පොලිස් පරීක්ෂක පැතුම් කුමාර සාක්ෂි දීමට අධිකරණය ඉදිරියේ පෙනී සිටියේ නැහැ.

ඒ හේතුවෙන් නඩු විභාගය දිනෙන් දින කල් ගිය අතර පසුගිය අප්‍රේල් මස 4 වන දින දී අවාසනාවන්ත සහ අමානුෂික ලෙස ශිවාව බූස්ස බන්ධනාගාරය තුළ දී තවත් රැඳවියකු විසින් කාගේ හෝ වුවමනාවකට නියනකින් ඇන මරා දමා තිබෙනවා.

ශිවා සම්බන්ධ නඩුව අද (02) කොළඹ මහාධිකරණයේ දී කැඳවූව ද අද අධිකරණයේ පෙනී සිටීමට සැකකරු වූ ශිවා ජීවතුන් අතර සිටියේ නැහැ.

ඔහු වෙනුවෙන් කරුණු දැක්වූ ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න මහතා විමර්ශන නිලධාරීන්ගේ මෙවැනි ක්‍රියා යුක්තිය පසිඳලීමේ ක්‍රමයටම එල්ල වූ මරු පහරක් බව ප්‍රකාශ කළා.

තම සේවාදායකයා ජීවතුන් අතර සිටියේ නම්; අද අධිකරණයෙන් නිදහස් වීමට තිබූ බවත් අයුක්තිය ඉදිරියේ අද ඔහු සිය ජීවිතයෙන්ම නිදහස් ව මෙලොව හැර ගොස් ඇති බවත් මහාධිකරණ විනිසුරුවරයා වෙත දන්වා සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
27
+1
1
+1
2
+1
65
+1
3
+1
6
Subscribe
Notify of
3 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ වටිනා පළදනාවක් ඉස්සූ කාන්තාව..හිනාවකුත් දාගෙන දුන්න ෂොට් එක
01:10
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ඇප ලබා පිටව ගිය හැටි..සෙට් එකක්ම ඇවිත් දෙන්නව බලන්න
01:14
Video thumbnail
වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා..GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58