AFC Banner
AFC Banner
Empty Ad

බොරැල්ලේ සිරිසුමන හිමිට වරෙන්තු

තිළිණි ප්‍රියමාලි නැමැත්තිය සමඟ මුදල් වංචාවකට ආධාර අනුබල දුන්නැයි කියන සිද්ධියට අදාළව ඇප මත සිටින බොරැල්ලේ සිරිසුමන හිමි අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙසට කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ අද (08) වරෙන්තු නිකුත් කළා.

ඒ, මෙම සිද්ධියට අදාළ නඩුව අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී සැකකාර හිමිනම අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන්.

මෙම මුදල් වංචා සිද්ධියට අදාළව මේ වනවිට ඇප මත සිටින සැකකාර තිලිනි ප්‍රියමාලි, ජානකී සිරිවර්ධන ඇතුළු සෙසු සැකකරුවන් අද (08) දිනයේ අධිකරණය හමුවේ පෙනී සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?