බොරැල්ලේ පෞද්ගලික රෝහලේ වකුගඩු ජාවාරමේ තැරව්කරු අත්අඩංගුවට

බොරැල්ල ප්‍රදේශයේ පෞද්ගලික රෝහලක් තුළ සිදුකරගෙන ගිය බව කියන වකුගඩු ජාවාරමට සම්බන්ධ පුද්ගලයෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන නැත්තේ කොළඹ 15, කජීමාවත්ත ප්‍රදේශයේ පදිංචි 41 හැවිරිදි වියේ පසුවන අයෙක් බවයි වාර්තා වන්නේ.

මොහොමඩ් බසීර් මොහොමඩ් රාජබ්දීන් නැමැති මෙම සැකකරු ඇඳුම් වෙළෙඳාම් කරන පුද්ගලයෙකු ලෙස කටයුතු කර ඇති බව සඳහන්.

බොරැල්ල ප්‍රදේශයේ පෞද්ගලික රෝහලක් තුළ දී වකුගඩු ලබා ගැනීමක් සිදුකර මුදල් ලබා නොදීමක් සම්බන්ධයෙන් කාන්තාවක් ඇතුළු පුද්ගලයින් පස්දෙනෙකු බොරැල්ල පොලිසියට පසුගිය දා පැමිණිල්ලක් සිදුකර තිබෙනවා.

පැමිණිල්ල සම්බන්ධයෙන් විමර්ශන ඇරඹු කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් අදාළ සැකකරු ඊයේ (05) අත්අඩංගුවට ගනු ලැබුවා.

ඒ, අදාළ පුද්ගලයා කොළඹ අපරාධ කොට්ඨාසය වෙත ඉදිරිපත් වීමෙන් පසුවයි.

මෙලෙස අත්අඩංගුවට ගැනුණු පුද්ගලයා වකුගඩුව ලබාදෙන පාර්ශ්වය සහ වකුගඩුව ලබාගන්නා පාර්ශ්වය අතර අතරමැදියෙකු ලෙස කටයුතු කළ අයෙක් බවයි වාර්තා වන්නේ.

මොහු තැරව් ගාස්තුවට අමතරව වකුගඩුව ලබාදෙන පාර්ශ්වයට ලබාදෙන මුදල් වලින් කොටසක් ද වංචාකර ඇති බවට ද අනාවරණය වී තිබෙනවා.

සැකකරු අද (06) දින කොළඹ – අලුත්කඩේ අංක 02 මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?