බොරැල්ලේ දී කාන්තාවකට වෙඩි පත්තු වූ සිද්ධිය ගැන තවත් තොරතුරු එළියට (වීඩියෝ)

බොරැල්ල, වනාතමුල්ල, හල්ගහවත්ත ප්‍රදේශයේ ඊයේ (13) රාත්‍රීයේ සිදුකළ මත්ද්‍රව්‍ය වැටලීමක් අතරතුර සිදුවූ වෙඩිවැදීමකින් කාන්තාවක් මිය යාමේ සිද්ධියට අදාළ යුද හමුදා සාමාජිකයින් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව සඳහන් කළා.

බොරැල්ල පොලිසිය මඟින් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ යුධ හමුදා බුද්ධි අංශ නිලධාරීන් දෙදෙනෙක් බවයි මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසුවේ.

යුධ හමුදා බුද්ධි අංශයට ලද තොරතුරක් මත බොරැල්ල, වනාතමුල්ල, හල්ගහවත්ත ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය වැටලීමක් සඳහා බුද්ධි අංශ නිලධාරීන් ඊයේ (13) පස්වරුවේ මෙහෙයුමක් දියත්කර තිබෙනවා.

එම වැටලීම අතර තුර පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට යාමේදී ඇතිවූ සිදුවීමක දී බුද්ධි අංශ සාමාජිකයෙකුගේ ගිනිඅවියක් එක්වර ක්‍රියාත්මකවී ඒ අසල සිටි කාන්තාවකට වෙඩි වැදී ඇති බවයි වාර්තා වුණේ.

මෙලෙස වෙඩි වැදී ඇත්තේ බොරැල්ල, හල්ගහකුඹුර ප්‍රදේශයේ පදිංචි 25 හැවිරිදි දෙදරු මවක් බවයි පොලිසිය සඳහන් කළේ.

වෙඩි වැදුණු කාන්තාව රෝහල් ගතකිරීමෙන් අනතුරුව මියගොස් තිබෙනවා.

https://youtu.be/B2hdST2xnsw
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ත්‍රී රෝද රථයක් පුස්සැල්ලාවේ දී ප්‍රපාතයකට පෙරළී සිදු වූ අනතුර
01:30
Video thumbnail
රට භාරගන්න රනිල් එනවා..? මනෝ මොකද්ද මේ කියන්නේ
06:07
Video thumbnail
වව්නියාවේ මාස ගණනාවක් පැවති නියඟය හමාර කරමින් අධික වර්ෂාව ඇඳ හැලෙයි
00:45
Video thumbnail
JVP එක ගැන නීතිඥ වරයෙකුගෙන් ඇඟ හිරිවැටෙන කතාවක්..ඩිල්කා සමන්මලීගේ ජීවිතේ අනතුරේ
06:52
Video thumbnail
කොහොමද ඒකේ ලස්සන - හැටන් ඩිපෝවෙන් සුපිරි වැඩක්
03:15
Video thumbnail
කක්කුස්සියට යන්න වෙන්නෙත් දැන් sms එක බලලා..මේවා යුද්දේ නිසා නෙවෙයි සුද්දේ නිසා වුණ දේ
03:21
Video thumbnail
පාස්කු ප්‍රහාරය නිසයි සජිත්ට ජනාධිපති වෙන්න බැරිවුණේ
08:53
Video thumbnail
නලින් කිව්ව "AI සජිත්" ගැන ගම්මන්පිල කිව්ව කතාව..පිත්ත ඔසවා පන්දුව නිදැල්ලේ යන්න ඉඩ දෙනවා
03:15
Video thumbnail
අද දහවල් පස්සරට මහා වර්ෂාවක් ඇඳ හැලුණු හැටි මෙන්න
01:22
Video thumbnail
ආණ්ඩුවට මේ පාදඩයා එක්ක තියෙන සම්බන්ධය මොකක්ද ? අගමැතිතුමිය ලැජ්ජා වෙන්න ඕනි
06:22