ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් තිබෙනවා.
රුසියාව විසින් සිය තෙල් නිෂ්පාදනය කප්පාදු කරන බවට කළ ප්‍රකාශයත් සමඟ මෙලෙස බොරතෙල් මිල ලෙස ඉහළ ගොස් ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.
ඒ, අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල දිනක් තුළ ඩොලර් 2.94කින් ඉහළ ගොස් ඇති අතර එය 3.63%කින් මිල ඉහළ යාමක්.
බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල මේ වනවිට දැක්වෙන්නේ ඇමරිකානු ඩොලර් 83යි ශත 72ක් ලෙසටයි.
ඩබ්ලිව්.ටී.අයි. වර්ගයේ බොර තෙල් බැරලයක මිල ද ඩොලර් 2.07කින් ඉහළ ගොස් ඇති අතර, එම වර්ගයේ බොර තෙල් බැරලයක මිල ඩොලර් 79.56ක් ලෙස දැක්වෙනවා.
රුසියාව සිය දෛනික බොරතෙල් නිෂ්පාදනය බැරල් 500,000ත් 700,000ත් අතර ප්‍රමාණයකින් කපා හැරීමට සිදුවිය හැකි බව පසුගියදා සඳහන් කළා.
ඒ, ජී-07 කණ්ඩායමේ බටහිර රටවල් රැසියානු බොරතෙල් සඳහා ඩොලර් 60ක උපරිම මිල සීමාවක් පැනවීමත් සමඟ ඊට ප්‍රතිචාර දක්වමින්.














