AFC Banner
AFC Banner
Empty Ad

බොරතෙල් ප්‍රමිතියෙන් තොර බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති කියයි

ගෙන්වන ලද බොරතෙල් ප්‍රමිතියෙන් තොර වීම හේතුවෙන් තෙල් පිරිපහදුවෙන් ලැබෙන දැවිතෙල් විදුලි ජනනයට යොදාගත නොහැකි වී ඇති බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක පවසනවා.

ආනයනය කර ඇති බොරතෙල්වල ‘සල්ෆ’ ප්‍රතිශතය වැඩි වීම නිසා ප්‍රමිතියෙන් තොර බව කී ඔහු සාමාන්‍යයෙන් බොරතෙල්වල ‘සල්ෆ’ ප්‍රතිශතය සියයට 2ක් පමණක් තිබිය යුතු වුව ද තෙල් පිරිපහදුවෙන් ලැබෙන දැවිතෙල්වල ‘සල්ෆ’ ප්‍රතිශතය සියයට 3ක් පමණ වීම නිසා විදුලි ජනනයට යොදාගත නොහැකි බවයි ඔහු සඳහන් කළේ.

තෙල් පිරිපහදුවෙන් ලැබෙන දැවිතෙල් වෙස්කොස් විදුලි බලාගාරයේ භාවිතයට ගත නොහැකි වීම විදුලි කප්පාදුව ඉහළ දැමීමට හේතුවක් වී ඇති බව ද සභාපතිවරයා වැඩි දුරටත් සඳහන් කළා.

මේ වනවිට පවතින දැඩි උෂ්ණත්වයත් සමඟ විදුලි ඉල්ලුම ඒකක මිලියන 38 සිට ඒකක මිලියන 43ක් දක්වා ඉහළ ගොස් ඇති බවද ඔහු පවසා සිටියා.

මෙයද විදුලි කප්පාදුව ඉහළ යෑමට හේතුවක් වී ඇතැයි සභාපතිවරයා සඳහන් කර සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?