බොන්න වතුර ටිකක් ඉල්ලා වතු කම්කරුවන් පිරිසක් උද්ඝෝෂණයක (ඡායාරූප)

ඉහල කොත්මලේ ජලාශයට ජලය ගලා බසින ඇළ මාර්ගයක් හරස් කරමින් තලවකැලේ ජාතික ජල සම්පාදන මණ්ඩලයට ලබා ගන්නා ජලය නිසා තලවකැලේ ග්‍රේට් වෙස්ටර්න් වතුයායේ පදිංචිකරුවන්ට ජල ගැටළුවක් මතු ව ඇති බව පවසමින් පිරිසක් අද (28) දින උද්ඝෝෂණයක නිරත වුණා.

තලවකැලේ, රත්නිල්ලකැලේ ප්‍රදේශයේ පිහිටි ජාතික ජල සම්පාදන මණ්ඩලයේ පොම්පාගාරය වෙත බෙදා හරිමට අවශ්‍ය ජලය මෙතෙක් ලබාගෙන ඇත්තේ තලවකැලේ ග්‍රේට් වෙස්ටර්න් කදු වැටියේ සිට ග්‍රේට් වෙස්ටර්න් වතුයාය හරහා ඉහල කොත්මලේ ජලාශයට ගලා බසින ඇළ මාර්ගයක් ග්‍රේට් වෙස්ටර්න් වත්තට අයත් ගල් කන්ද ප්‍රදේශයෙන් හරස් කරමින්ය.

තලවකැලේ ජල පොම්පාගාරය මගින් මේ වන විට තලවකැලේ ලිදුල ප්‍රදේශයේ පදිංචි ජල පාරිභෝගිකයන්ට අවශ්‍ය පානිය ජලය ලබාදෙන අතර, එම බල ප්‍රදේශයේ පදිංචි අලුත් පාරිභෝගිකයන්ට පානිය ජලය ලබාදිම සඳහා මේ දිනවල ග්‍රේට් වෙස්ටර්න් ගල්කන්ද ප්‍රදේශයේ ඇළ මාර්ගය හරස් කරමින් ඉදි කර ඇති වේල්ල ජල සම්පාදන මණ්ඩලය මගින් කොන්ත්‍රාත්කරුවෙකු හරහා පුළුල් කිරිමේ කටයුතු සිදු කරනු ලබයි.

උද්ඝෝෂණයේ නිරතව සිටි වතු කම්කරුවන් කියා සිටින්නේ, තලවකැලේ ජල පොම්පාගාරයට අවශ්‍ය ජලය ලබාගත් වේල්ලට ඉහලින් ගලා බසින ජලය ඊට පහලින් හරස් කර තම දෛනික කටයුතුවලට සහ වගා කටයුතුවලට යොදා ගත් බවත්
ජලය ලබාගත් වේල්ල තවදුරටත් වැඩිදියුණු කිරිම තුලින් තමන්ගේ දෛනික අවශ්‍යතාවයන් සඳහා අවශ්‍ය ජලය නොලැබියාමේ අවධානමක් මතු වි ඇති බවත්ය.

එමෙන්ම තම වතුයායේ පදිංචි පවුල් 350කට පමණ අවශ්‍ය ජලය ජල සම්පාදන මණ්ඩලය මගින් ලබා දී ඉතිරි ජලය තලවකැලේ ජල පොම්පාගාරය වෙත රැගෙන යාමට තමන්ගෙන් කිසිදු බාධාවක් නොවන බවයි උද්ඝෝෂණයේ නිරතව සිටි වතු කම්කරුවන් කියා සිටියේ.

උද්ඝෝෂණයේ නිරතව සිටි වතු කම්කරුවන් ජලය රැස් කරන උපකරණ සහ සේදිමට ඇති රෙදිපිලි තොගයක් ද රැගෙන විත් මෙම උද්ඝෝෂණයේ නිරතව සිටියා.

මේ සම්බන්ධයෙන් අප තලවකැලේ ජාතික ජල සම්පාදන මණ්ඩලයේ උසස් නිලධාරියෙකු සම්බන්ධ කර ගැනිමට උත්සහ කළ ද එය ව්‍යාර්ත වුණා.

8 2 1
7 4 1
6 3 1
5 4 1
2 5 1
3 6 1
2 5 2
1 6 1
4 5
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පිරිත්, සිංදුවලින් කළුතර න.සභාවේ දී විපක්ෂේ මන්ත්‍රී වටේටම හොඳවැයින් අමතයි
03:43
Video thumbnail
මුජිබුර් පාර්ලිමේන්තුවේ ලෙසටම ෆයර්වෙයි.."කළුගගේ පීනුවා වගේ මුහුදේ පීනන්න බෑ.."
11:13
Video thumbnail
කතාව අස්සේ අර්චුනාට ආ කෑම ප්‍රශ්නය.."මොන මඟුල් පාර්ලිමේන්තුවක්ද මේක..කෑම නෑ පාර්ලිමේන්තුවේ
01:19
Video thumbnail
"මෙරට සිදුවූ සෑම ව්‍යසනයකදීම සාක්ෂිකාරයින් වුණේ පොලිසිය"වැටිච්ච තැනින් නැගිටින්න මේ හොඳම අවස්ථාව
10:21
Video thumbnail
විමල් වීරවංශ අපේ නායකයා හිටියනම් අද එක්කෝ ජනාධිපති නැත්තම් අගමැති වෙන්න තිබුණා
10:22
Video thumbnail
රෝහිණී පාර්ලිමේන්තුව දෙවනත් කරයි.."උද්#ච්චකම තියන් වැඩ කරන්න එපා Please"
09:17
Video thumbnail
කුකුල් කූඩුවකට රිංගූ සුදු නාගයෙකු දැඩි පරිශ්‍රමයක් දරා අල්ලාගත් හැටි.."මේකට ග#යි යකෝ ගනින් ගිහින්"
04:14
Video thumbnail
20 - 20 ලෝක කුසලානය තෙක් කණ්ඩායමේ නායකයා ලෙස දසුන් ශානකව පත්කරයි
03:05
Video thumbnail
ශාන්තිකර්මයක් කරන අස්සේ කපුවෙකුට‍ කිනිසි පෙන්නලා රත්තරං මංකොල්ල කෑ පුද්ගලයෙකුට වැඩ වරදියි
00:55
Video thumbnail
වැඩ තහනම් කෙරූ වෛද්‍ය බෙල්ලෙන බඩු මුට්ටුත් අකුලන් දොට්ට බහියී..රස්සාවක් නැතිවුණොත් මං හිඟා කනවා
02:13


?