බොන්න වතුර ටිකක් ඉල්ලා වතු කම්කරුවන් පිරිසක් උද්ඝෝෂණයක (ඡායාරූප)

ඉහල කොත්මලේ ජලාශයට ජලය ගලා බසින ඇළ මාර්ගයක් හරස් කරමින් තලවකැලේ ජාතික ජල සම්පාදන මණ්ඩලයට ලබා ගන්නා ජලය නිසා තලවකැලේ ග්‍රේට් වෙස්ටර්න් වතුයායේ පදිංචිකරුවන්ට ජල ගැටළුවක් මතු ව ඇති බව පවසමින් පිරිසක් අද (28) දින උද්ඝෝෂණයක නිරත වුණා.

තලවකැලේ, රත්නිල්ලකැලේ ප්‍රදේශයේ පිහිටි ජාතික ජල සම්පාදන මණ්ඩලයේ පොම්පාගාරය වෙත බෙදා හරිමට අවශ්‍ය ජලය මෙතෙක් ලබාගෙන ඇත්තේ තලවකැලේ ග්‍රේට් වෙස්ටර්න් කදු වැටියේ සිට ග්‍රේට් වෙස්ටර්න් වතුයාය හරහා ඉහල කොත්මලේ ජලාශයට ගලා බසින ඇළ මාර්ගයක් ග්‍රේට් වෙස්ටර්න් වත්තට අයත් ගල් කන්ද ප්‍රදේශයෙන් හරස් කරමින්ය.

තලවකැලේ ජල පොම්පාගාරය මගින් මේ වන විට තලවකැලේ ලිදුල ප්‍රදේශයේ පදිංචි ජල පාරිභෝගිකයන්ට අවශ්‍ය පානිය ජලය ලබාදෙන අතර, එම බල ප්‍රදේශයේ පදිංචි අලුත් පාරිභෝගිකයන්ට පානිය ජලය ලබාදිම සඳහා මේ දිනවල ග්‍රේට් වෙස්ටර්න් ගල්කන්ද ප්‍රදේශයේ ඇළ මාර්ගය හරස් කරමින් ඉදි කර ඇති වේල්ල ජල සම්පාදන මණ්ඩලය මගින් කොන්ත්‍රාත්කරුවෙකු හරහා පුළුල් කිරිමේ කටයුතු සිදු කරනු ලබයි.

උද්ඝෝෂණයේ නිරතව සිටි වතු කම්කරුවන් කියා සිටින්නේ, තලවකැලේ ජල පොම්පාගාරයට අවශ්‍ය ජලය ලබාගත් වේල්ලට ඉහලින් ගලා බසින ජලය ඊට පහලින් හරස් කර තම දෛනික කටයුතුවලට සහ වගා කටයුතුවලට යොදා ගත් බවත්
ජලය ලබාගත් වේල්ල තවදුරටත් වැඩිදියුණු කිරිම තුලින් තමන්ගේ දෛනික අවශ්‍යතාවයන් සඳහා අවශ්‍ය ජලය නොලැබියාමේ අවධානමක් මතු වි ඇති බවත්ය.

එමෙන්ම තම වතුයායේ පදිංචි පවුල් 350කට පමණ අවශ්‍ය ජලය ජල සම්පාදන මණ්ඩලය මගින් ලබා දී ඉතිරි ජලය තලවකැලේ ජල පොම්පාගාරය වෙත රැගෙන යාමට තමන්ගෙන් කිසිදු බාධාවක් නොවන බවයි උද්ඝෝෂණයේ නිරතව සිටි වතු කම්කරුවන් කියා සිටියේ.

උද්ඝෝෂණයේ නිරතව සිටි වතු කම්කරුවන් ජලය රැස් කරන උපකරණ සහ සේදිමට ඇති රෙදිපිලි තොගයක් ද රැගෙන විත් මෙම උද්ඝෝෂණයේ නිරතව සිටියා.

මේ සම්බන්ධයෙන් අප තලවකැලේ ජාතික ජල සම්පාදන මණ්ඩලයේ උසස් නිලධාරියෙකු සම්බන්ධ කර ගැනිමට උත්සහ කළ ද එය ව්‍යාර්ත වුණා.

8 2 1
7 4 1
6 3 1
5 4 1
2 5 1
3 6 1
2 5 2
1 6 1
4 5


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොහොමද අර්චුනාගේ සෙනඟ - ජෙප්පෝ මේ බලන්න..අර්චුනාට තියෙන ආදරේ
01:56
Video thumbnail
ඔයා බීලා ඉන්නේ..මූට වෙරි ඔක්කෝටම වැඩිය - ඒ ළමයට මොනවහරි වුණානම්
00:42
Video thumbnail
බෝම්බ ග#නවා කිව්ව අන්කල්ට ජනපති දුන් පිළිතුර - "අනේ පව් අනේ ඒ අන්කල්"
02:08
Video thumbnail
මළත් JVP අපි - ආයේ JVPය අතාරින්නේ නෑ - මේ සෙනඟ දැක්කනම් පොහොට්ටුවේ අයට බඩ යනවා
03:20
Video thumbnail
පව් අනේ මේ අන්කල්.. අනුකම්පා කරන්න..
00:19
Video thumbnail
ජනපති අනුර වෙනුවෙන් නොච්චියාගමට ආ මහ ජන ගඟ - ඩ්‍රෝන කැමරාවට හසුවූ ද‍ර්ශන
03:10
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී
01:18
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී - කොහොමද දැක්කමත් පුදුමයිනේ ?
01:36
Video thumbnail
මන්නාරමේ සිදුකරන සංවර්ධන ගැන ඇමති චන්දන හෙළිකරයි - මේ ප්‍රදේශය යුද්දයෙන් බැටකාපු ප්‍රදේශයක්
07:30
Video thumbnail
අනුරාධපුර නගරයට ඇදහැලුණු මහ වැස්ස
01:04