බොන්ඩි වෙරළ තීරයේ වෙඩික්කරුවෙක් මෙල්ල කළ නිරායුධ මිනිසා (වීඩියෝ)

ඕස්ට්‍රේලියාවේ සිඩ්නි හි බොන්ඩි වෙරළ තීරයේ පැවති යුදෙව් ආගමික උත්සවයක් අතරතුර සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයින් 09 දෙනෙකු මිය ගියා.

එටර වේලාවෙන් අද (14) පස්වරු 6.30ට පමණ සිදුවූ මෙම වෙඩි තැබීමෙන් පොලිස් නිලධාරීන් ඇතුළු 11 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බවයි වාර්තා වුණේ.

වෙඩි තැබීම සිදුකළ වෙඩික්කරුවන් දෙදෙනාගෙන් එක් අයෙකු ද මියගොස් ඇති අතර, අනෙක් වෙදික්කරුගේ තත්ත්වය බරපතල බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

වෙඩික්කරුවන් දෙදෙනා බොන්ඩි වෙරළ තීරයේ පිරිස රැස්වී සිටි ස්ථානයකට වෙඩි තැබීම් 50ක් පමණ සිදුකර ඇති බවට මේ වනවිට තොරතුරු වාර්තා වනවා.

එලෙස වෙඩි තැබීම සිදුකරන තුවක්කුකරුවෙකු මෙල්ල කිරීමට පුද්ගලයෙක් කටයුතු කළ ආකටය දැක්වෙන වීඩියෝවක් මේ වනවිට සමාජ මාධ්‍ය ජාල පුරා සංසරණය වනවා.

මෙම නිර්භීත පුද්ගලයා ගසක් පිටුපස සැඟවී සිටි වෙඩි තබමින් සිටි වෙඩික්කරු වෙත පැන ඔහුගේ රයිෆලය උදුරාගෙන එය යළි වෙඩික්කරු දෙසට එල්ල කරණ ආකාරය අදාළ වීඩියෝවේ දැක්වෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
18
+1
1
+1
1
+1
4
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?