බොක්සිංවලින් රන් – රිදී හා ලෝකඩ දිනූ ලාංකික ක්‍රීඩකයෝ දිවයිනට (ඡායාරූප)

සීෂෙල්ස් රාජ්‍යයේ පැවැත්වූ ආරාධිත බොක්සි තරගාවලියේ දී රන් පදක්කම් 02ක්, රිදී පදක්කම් 02ක් සහ ලෝකඩ පදක්කම් 02ක් දිනාගත් ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් පිරිසක් මෙරටට පැමිණියා.

අද (26) අලුයම 03.50 ට සීෂෙල්ස් සිට එම රටට අයත් ගුවන් සේවයේ එච්.එම්.- 262 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත ඔවුන් පැමිණි බවයි අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ.

මෙම තරගාවලිය පැවැත්වූයේ සීෂෙල්ස් රාජ්‍යයේ ජාතික නිදහස් දින උත්සවයට සමගාමීව‍යි.

තරගාවලිය සඳහා ශ්‍රී ලංකාවට අමතරව සීෂෙල්ස්, මුරිසිය, රී – යුනියන් සහ කෙන්යාව යන රටවල් නියෝජනය කරමින් බොක්සිං ක්‍රීඩකයින් සහභාගී වී සිටියා.

ශ්‍රී ලංකා බොක්සිං කණ්ඩායමට පාසැල් ක්‍රීඩකයින් දෙදෙනෙකු සහ ශ්‍රී ලංකා පොලිසිය සහ ත්‍රිවිධ හමුදාව නියෝජනය කරමින් ක්‍රීඩකයින් සිව්දෙනෙකු සහභාගී වූ අතර ඔවුන් පිළිගැනීමට එම පාසැල්වල සිසුන් ගුරු භවතුන්, ශ්‍රී ලංකා පොලිසියේ සහ ත්‍රිවිධ හමුදා නිලධාරීන් මෙන් ම ශ්‍රී ලංකා බොක්සිං සම්මේලනයේ නිලධාරීන් පිරිසක් ද ගුවන් තොටුපොළ වෙත පැමිණි බවත් වාර්තා වනවා.

IMG 20240626 WA0004
IMG 20240626 WA0003
IMG 20240626 WA0005
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බටලන්දේ අහන්න ඕන අඳුරු මතක - අපි මාර විදිහට දුක් වින්දා මහත්තයෝ
32:04
Video thumbnail
පාර්ලිමේන්තු සජිවී විකාශය - 2025.04.09
09:30:44
Video thumbnail
අනුරපුරම කම්පා කළ අනියම් පෙම - ජීවිතය නැති කරලා පාංශුකූලයත් දීලා
04:01
Video thumbnail
මාලිමාවේ මන්ත්‍රී හැමෝම හඬවා අවසන් ගමන් ගිය හැටි
18:17
Video thumbnail
ඇයි වයසක අපිව මෙහෙම රැවට්ටුවේ - වැඩි කරනවා කියපු අපේ විශ්‍රාම වැටුප කෝ
08:23
Video thumbnail
ගාන්ධිතුමාගේ සරලකම ගැන ඔබ නොදත් කතාව
03:27
Video thumbnail
පිල්ලයාන් ගත්තා කියලා දැනගත්ත ගමන් මිනිස්සු පාරට බැහැලා සතුට සමරපු හැටි
00:19
Video thumbnail
මර්වින්ගේ නඩුවට ආපු පුතා මාලක
00:32
Video thumbnail
මර්වින්ගේ නඩුවට ආපු පුතා මාලක - මර්වින්ගේ සෞඛ්‍ය තත්ත්වය අයහපත්
05:34
Video thumbnail
වසන්ත පාර්ලිමේන්තුව දෙවනත් කරයි - අපි තමයි අපේ රටේ ත්‍ර#තවාදය පරාජය කළේ
20:26

?