AFC Banner
Empty Ad
Empty Ad

බේකරිත් වහන්න වෙයි?

බේකරි නිෂ්පාදන කටයුතු සීමා කිරීමට එම කර්මාන්තකරුවන් ක්‍රියා කරමින් සිටින බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසනවා.

ඒ අනුව සතියට දින 5කට පමණක් බේකරි නිෂ්පාදන කටයුතු සීමා කිරීමට බේකරි කර්මාන්තකරුවන් ක්‍රියා කරමින් සිටින බවයි එම සංගමය පවසන්නේ. 

තිරිඟුපිටි සැපයුම අඩාල වීම, ගෑස් හා භූමිතෙල්, ඞීසල් හිඟවීම ආදි හේතූන් මත බේකරි නිෂ්පාදන සිදුකිරීමේදී බරපතළ අර්බුදයකට මුහුණ පා තිබීම ඊට හේතුවී ඇතැයි එම සංගමය පෙන්වා දෙනවා. 

බේකරි නිෂ්පාදන සඳහා තිරිඟු පිටි සැපයුම 25%කින් පහත වැටී ඇති බවයි එම සංගමය පවසන්නේ. 

සැපයුමේ පවතින අමුද්‍රව්‍ය හිඟය හේතුවෙන් උත්සව සමයේදී බේකරි සහ රසකැවිලි නිෂ්පාදනයද අඩුවීම, රට පුරා වෙළෙඳසල් සහ සුපිරි වෙළෙඳසල්වලට නිෂ්පාදන රැස්කරගත නොහැකි වීම වැනි කරුණු නිසා නත්තල් සහ අලූත් අවුරුදු සඳහා එය බලපානු ඇතැයි ද එම සංගමය සඳහන් කරන්නවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?