බේකරිත් වහන්න වෙයි?

බේකරි නිෂ්පාදන කටයුතු සීමා කිරීමට එම කර්මාන්තකරුවන් ක්‍රියා කරමින් සිටින බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසනවා.

ඒ අනුව සතියට දින 5කට පමණක් බේකරි නිෂ්පාදන කටයුතු සීමා කිරීමට බේකරි කර්මාන්තකරුවන් ක්‍රියා කරමින් සිටින බවයි එම සංගමය පවසන්නේ. 

තිරිඟුපිටි සැපයුම අඩාල වීම, ගෑස් හා භූමිතෙල්, ඞීසල් හිඟවීම ආදි හේතූන් මත බේකරි නිෂ්පාදන සිදුකිරීමේදී බරපතළ අර්බුදයකට මුහුණ පා තිබීම ඊට හේතුවී ඇතැයි එම සංගමය පෙන්වා දෙනවා. 

බේකරි නිෂ්පාදන සඳහා තිරිඟු පිටි සැපයුම 25%කින් පහත වැටී ඇති බවයි එම සංගමය පවසන්නේ. 

සැපයුමේ පවතින අමුද්‍රව්‍ය හිඟය හේතුවෙන් උත්සව සමයේදී බේකරි සහ රසකැවිලි නිෂ්පාදනයද අඩුවීම, රට පුරා වෙළෙඳසල් සහ සුපිරි වෙළෙඳසල්වලට නිෂ්පාදන රැස්කරගත නොහැකි වීම වැනි කරුණු නිසා නත්තල් සහ අලූත් අවුරුදු සඳහා එය බලපානු ඇතැයි ද එම සංගමය සඳහන් කරන්නවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අනුරාධපුරයේ රැස්වීමට ආණ්ඩුව බයවෙලා..රාජපක්ෂලා බය කරන්න අල්ලස් කොමිසම පෙන්නලා බෑ
02:07
Video thumbnail
පොහොට්ටුවේ සංජීව, නාමල් ගැන කිව්ව දේ - "2015 ඉදලා මේ පීඩාවන්ට එතුමා මුහුණ දුන්නා"
01:40
Video thumbnail
නාමල් යද්දි පැලවත්තට කිව්ව සැර කතාව - "පැහැදිලිවම මම වැරැද්දක් කරලා නෑ..සාක්ෂි හදපු කෙනා දන්නවා"
03:18
Video thumbnail
නාමල් රාජපක්ෂ අල්ලස් කොමිසමට එයි - එළියට එනවනේ ?"එව්වොත් එළියට එනවා..අපි නීතියට වැඩ"
02:44
Video thumbnail
අපි කව්රුත් හොරකම් කරන්නේ නෑ - මහජන දේපළ සාංඝික දේපළ වගේ රකිනවා
02:14
Video thumbnail
අද අලුයම කොල්ලූපිටිය රත් කළ වෙ#ල්ල - කාන්තාවක් තුවාල ලබා රෝහලේ
01:12
Video thumbnail
සජිත් හමුවෙන්න විපක්ෂ නායක කාර්යාලයට ආ අමුත්තා
00:51
Video thumbnail
"හොරබඩු විකුණන්න බෑනේ මෙහෙම"බීඩී නිෂ්පාදන ආයතනයක නම ව්‍යාජව භාවිත කරමින් කරපු හොර වැඩේ
01:46
Video thumbnail
බියගම නිදහස් වෙළඳ කලාපයේ හදිසියේම ඇතිවූ ගින්න - දෙයියනේ..ලොකු ගින්නක්
00:59
Video thumbnail
පොලිසියෙන් SPA එකකට කඩා පනී..CCTV දර්ශන ලීක්වෙයි
01:45