බෙලිඅත්තේ පන්සලක අත්බෝම්බයක් පුපුරා යයි

බෙලිඅත්ත ප්‍රදේශයේ විහාරස්ථානයක අත්බෝම්බයක් පුපුරා ගොස් ඊයේ (27) අනතුරක් සිදුව තිබෙනවා.

විහාරස්ථානයේ ඉඩමේ තණකොළ කපමින් සිටි අවස්ථාවක මෙම අත් බෝම්බය පුපුරා ගොස් ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

ට්‍රැක්ටරයේ පිටුපස තණකොළ කපන උපකරණයක් සවිකරගෙන ඉඩමේ තණකොල කපමින් සිටිය දී මෙම බෝම්බය පුපුරාගොස් තිබෙනවා.

මෙම පුපුරා යාමෙන් කිසිවෙකුටවත් හානියක් සිදුව නොමැති බවයි පොලිසිය වැඩිදුරටත් පැවසුවේ.

බෝම්බට පුපුරා යාමෙන් පසු එම ස්ථානයේ සිදුකළ පරික්ෂාවක දී විදේශිය රටක නිෂ්පාදිත තවත් ජීව අත්බෝම්බ දෙකක් සොයාගෙන ඇති බවයි වාර්තා වුණේ.

අනතුරුව බෙලිඅත්ත, පන්වැව විශේෂ කාර්ය බලකායේ බෝම්බ නිශ්ක්‍රිය අංශය පැමිණ සොයාගත් බෝම්බ දෙක නිශ්ක්‍රිය කිරීමට පියවර ගෙන තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?