AFC Banner
AFC Banner
Empty Ad

බෙංගාල බොක්ක තවමත් කැලඹීමෙන් – වැසි තවදුරටත්

නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින අඩු පීඩන කලාපය දැනට (18) දිවයිනට ඊසාන දෙසින් පිහිටා ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

එය ක්‍රමයෙන් බටහිරට බර ව වයඹ දෙසට ගමන් කරනු ඇතැයි විශ්වාස කරන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන් වන්නේ.

උතුරු සහ උතුරු මැද පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව ද වාර්තා වනවා.

ඌව සහ මධ්‍යම පළාත්වලත් රත්නපුර, මඩකලපුව, අම්පාර සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවත් එහි සඳහන්.

වයඹ සහ බස්නාහිර පළාත්වල උදෑසන කාලයේ දී වැසි ස්වල්පයක් ඇති විය හැකි අතර දිවයිනේ උතුරු හා උතුරු මැද පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් විටින් විට පැයට කිලෝමීටර් 30 -40ක වේගයකින් යුත් සුළං හැමීමේ ඉඩක් ද පවතිනවා.

ගිගුරුම් සහිත වැසි සමග ඇති විය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවධානයෙන් සිටින ලෙසත් මහජනතාවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් අනතුරු අඟවා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
1
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?