බෙංගාල බොක්කේ අඩු පීඩන තත්ත්වයක්, සුළි කුණාටුවක් ගැන අනතුරු ඇඟවීමක්

හෙට (මැයි 22) දින උතුරු අන්දමන් සහ ඊසාන දිග බෙංගාල බොක්ක ආශ්‍රිත ප්‍රදේශය තුළ අඩු පීඩන තත්ත්වයක් වර්ධනය වීම හේතුවෙන් එළඹෙන මැයි 24 දින වන විට එම තත්ත්වය සුළි කුණාටුවක් දක්වා වර්ධනය විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ, හෙට දින වර්ධනය වන අඩු පීඩන තත්ත්වය මැයි 23 එනම්, අනිද්දා වන විට පීඩන අවපාතයකට ගමන් කිරීම මෙලෙස සුළි කුණාටු තත්ත්වයක් ඇති වීමට හේතු විය හැකි බවය. 

මෙම පද්ධතිය වයඹ දිශාවට ගමන් කර එළඹෙන මැයි 26 දින වන විට ඔඩීෂා/ බටහිර බෙංගාල බොක්ක, ට්‍රොපිකල් වෙරළ වෙත ගමන් කිරීමට බොහෝ ඉඩකඩ ඇති බව එම දෙපාර්තමේන්තුව පවසයි. 

එබැවින්, අද (මැයි 21) දින සිට නැවත දැනුම් දෙන තුරු එම ප්‍රදේශවල ධීවර හා නාවික කටයුතුවල නිරත නොවන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි. 

තව ද මන්නාරම සිට කොළඹ හරහා ගාල්ල දක්වා වන මුහුදු ප්‍රදේශවල තැනින් තැන ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි අතර සෙසු මුහුදු ප්‍රදේශවල සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී ස්ථාන කිහිපයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. 

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ, දිවයින වටා ඇති මුහුදු ප්‍රදේශවල සුළං නිරිත දිශාවෙන් හමා එන බවයි. 

කන්කසන්තුරේ සිට මන්නාරම හරහා හලාවත දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය පැ.කි. මී. 35-45 පමණ වේ.

සෙසු මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය පැ.කි.මී. 20-40 පමණ වේ. 

ගාල්ල සිට හම්බන්තොට දක්වා සහ හලාවත සිට පුත්තලම, මන්නාරම හරහා කන්කසන්තුරේ දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැ.කි.මී. 50-40 අතර වේ. 

කන්කසන්තුරේ සිට මන්නාරම හරහා හලාවත දක්වා වන මුහුදු ප්‍රදේශ හා ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා විටින් විට රළු ස්වභාවයක් ගනී.

ඒ හැර, සෙසු මුහුදු ප්‍රදේශ තරමක් රළු වන අතර ගිගුරුම් සහිත වැසි සහිත අවස්ථාවල දී එම මුහුදු ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
"මිත්‍ර නලින්ද මට ඉස්සෙලම Invite කරපු එක මට පුදුමයක් නෙවෙයි" l Harsha de Silva
05:29
Video thumbnail
නාමල්ගේ අසූචිවලින්ද වගාව හදන්නේ..කුමාරවරු ඔක්කොම එකතුවෙලා මඩිය තර කරගන්නවා
05:51
Video thumbnail
ගම්මන්පිලගේ පොත ගැන මුජිබුර්ගෙන් ප්‍රබල හෙළිදරව්වක්..එක එක්කෙනා බේරගන්න කරන Project එකක් මේ
10:36
Video thumbnail
සජබ සෙට් එකක් ගමක් පිරිවරාගෙන ගිහින් දේව කන්නලව්වක් කළ අයුරු.."අනුර භංගවේවා" කියලා කට්ටිය පොල් ගහයි
03:45
Video thumbnail
උත්සව සමයේ තෙල් මිල වෙනස් වීමක් වෙයිද ?..මුල් සතිය ඇතුළත සේරම තෙල් නැව් ටික ළඟා වෙනවා
03:35
Video thumbnail
වසන්තටයි, ලාල්කාන්තටයි අනුරාධ දැම්ම සැර සත්තම..ගොවියාට කෙලියෝ කෙලියෝ කෙලියෝ..මේක පාන්ඩුවක්
07:41
Video thumbnail
කොන්ද පණ නැති නායකයෙක් අපිට ඉන්නේ..පාස්කුවේ මහ මොළකරුවෙක් නෑ..ඒක මිත්‍යාවක්
06:08
Video thumbnail
ජල ගැටලුව නිසා ජනතාවත් දැඩි පහසුතාවයට..1.5km ගිහින් මූලික අවශ්‍යතා ඉටු කරගන්නේ
03:27
Video thumbnail
පවතින කාලගුණයෙන් හැමෝම පරිස්සම් වෙන්න..ගස් කඩා වැටීම් වෙන්න පුළුවන්
03:24
Video thumbnail
ජල කප්පාදු කරන කාලය පැය කිහිපයකින් අඩු කරනවා..අප්‍රේල් මාසයට අවශ්‍ය ජල ප්‍රමාණය තියෙනවා
08:43