බෙංගාල බොක්කේ අඩු පීඩන තත්ත්වයක්, සුළි කුණාටුවක් ගැන අනතුරු ඇඟවීමක්

හෙට (මැයි 22) දින උතුරු අන්දමන් සහ ඊසාන දිග බෙංගාල බොක්ක ආශ්‍රිත ප්‍රදේශය තුළ අඩු පීඩන තත්ත්වයක් වර්ධනය වීම හේතුවෙන් එළඹෙන මැයි 24 දින වන විට එම තත්ත්වය සුළි කුණාටුවක් දක්වා වර්ධනය විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ, හෙට දින වර්ධනය වන අඩු පීඩන තත්ත්වය මැයි 23 එනම්, අනිද්දා වන විට පීඩන අවපාතයකට ගමන් කිරීම මෙලෙස සුළි කුණාටු තත්ත්වයක් ඇති වීමට හේතු විය හැකි බවය. 

මෙම පද්ධතිය වයඹ දිශාවට ගමන් කර එළඹෙන මැයි 26 දින වන විට ඔඩීෂා/ බටහිර බෙංගාල බොක්ක, ට්‍රොපිකල් වෙරළ වෙත ගමන් කිරීමට බොහෝ ඉඩකඩ ඇති බව එම දෙපාර්තමේන්තුව පවසයි. 

එබැවින්, අද (මැයි 21) දින සිට නැවත දැනුම් දෙන තුරු එම ප්‍රදේශවල ධීවර හා නාවික කටයුතුවල නිරත නොවන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි. 

තව ද මන්නාරම සිට කොළඹ හරහා ගාල්ල දක්වා වන මුහුදු ප්‍රදේශවල තැනින් තැන ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි අතර සෙසු මුහුදු ප්‍රදේශවල සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී ස්ථාන කිහිපයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. 

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ, දිවයින වටා ඇති මුහුදු ප්‍රදේශවල සුළං නිරිත දිශාවෙන් හමා එන බවයි. 

කන්කසන්තුරේ සිට මන්නාරම හරහා හලාවත දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය පැ.කි. මී. 35-45 පමණ වේ.

සෙසු මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය පැ.කි.මී. 20-40 පමණ වේ. 

ගාල්ල සිට හම්බන්තොට දක්වා සහ හලාවත සිට පුත්තලම, මන්නාරම හරහා කන්කසන්තුරේ දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැ.කි.මී. 50-40 අතර වේ. 

කන්කසන්තුරේ සිට මන්නාරම හරහා හලාවත දක්වා වන මුහුදු ප්‍රදේශ හා ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා විටින් විට රළු ස්වභාවයක් ගනී.

ඒ හැර, සෙසු මුහුදු ප්‍රදේශ තරමක් රළු වන අතර ගිගුරුම් සහිත වැසි සහිත අවස්ථාවල දී එම මුහුදු ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බස්වලට නැගලා සද්දේ දාන සිඟිති පාතාලේ - මූණ කු#ඩුවෙන්න දෙන්නේ
01:55
Video thumbnail
රනිල් බුද්ධ ශාසන ඇමතිව අගය කරයි
04:54
Video thumbnail
රනිල් - මහින්ද - මෛත්‍රී - ගෝඨා එකට රැස්වෙයි
02:15
Video thumbnail
ශ්‍රී මහ බෝධියට ජන ගඟක් ගලාගෙන එයි
01:15
Video thumbnail
බෙල්ලන්විල රජමහ විහාරය සිල් සුවඳින් පිරී යයි
01:08
Video thumbnail
'ස්ට්‍රෙන්ත් ඇන්ඩ් හාමනි' සම්මානය දිනා හංසනා දිවයිනට
00:44
Video thumbnail
දෙල්ගොඩ කර්මාන්ත ශාලාවක ලොකු ගින්නක්
02:46
Video thumbnail
ප්‍රබලයින්ගේ වීඩියෝ සෙට් එකක්ම ලීක් වෙයි ? නාමල් රාජපක්ෂ මේක කිව්වට ඒ කාලේ උත්තර දුන්නේ නෑ
10:46
Video thumbnail
අපිට සල්ලි වෙලාවට ලැබිලා තියෙනවා..ඕවා කට කතා..මැටි ගෙයක් වෙනුවට දැන් තට්ටු දෙකේ ගෙයක්
04:50
Video thumbnail
සජිත්ට දේදුන්න පෙන්නන්න එපා..දැක්ක ගමන් පොරට සමලිංගික නැමියාවක් එනවා
19:37


?