AFC Banner
Empty Ad
Empty Ad

බූස්ස බන්ධනාගාරයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය සොයාගැනේ

බූස්ස බන්ධනාගාරය තුළ සිදු කළ වැටලීම් දෙකක දී අයිස් මත්ද්‍රව්‍ය සහ දුරකථන දෙකක් ඇතුළු තාක්ෂණික උපාංග කිහිපයක් පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් සොයාගනු ලැබුවා.

බූස්ස බන්ධනාගාර කඳවුරේ වැඩබලන කඳවුරු අණදෙන නිලධාරී පොලිස් පරීක්ෂක කේ.එස්.පී. කුමාර සහ උපපොලිස් පරීක්ෂක කේ.එම්. තිලකරත්න ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ (15) දින අධිආරක්ෂිත බන්ධනාගාරයේ පැරණි අංශයේ D කොටසේ දී සහ අංක 03 මුරපොළ අසල දී මෙම විශේෂ මෙහෙයුම සිදු කෙරුණා.

එහි දී බන්ධනගාරයේ පැරණි අංශයේ D කොටසේ සඟවා තිබූ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 04 මිලිග්‍රෑම් 300ක්, ජංගම දුරකථනයක් සහ දුරකථන උපාංග ද, අංක 03 මුරපොළ අසල දී රැඳවියෙකු විසින් පුවත්පතක් තුළ සූක්ෂ්ම අයුරින් සඟවාගෙන බන්ධනාගාරයට තුළට රැගෙන යමින් සිටි දූරකථනයක් මුරපොලේ රාජකාරී යෙදී සිටි නිලධාරියාගේ පරීක්ෂාවේ දී සොයාගෙන තිබෙනවා.

සොයාගත් ජංගම දුරකථන 02ක, දුරකථන උපාංග සහ අයිස් මත්ද්‍රව්‍ය ද වැඩිදුර විමර්ශන කටයුතු සඳහා බන්ධනාගාර පාලනාධිකාරිය වෙත භාරදීමට කටයුතු කර ඇති බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?