බුර්කිනා ෆාසෝ ප්‍රදේශයෙන් 28 දෙනෙකුගේ සිරුරු සොයා ගැනේ

බුර්කිනා ෆාසෝ හි බලධාරීන් විසින් වයඹ-බටහිර නගරයක් වන නූනා හි තිබී පුද්ගල මළ සිරුරු 28 ක් සොයා ගෙන ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා

මේ පිළිබඳව පරීක්ෂණයක් ආරම්භ කර ඇති අතර නිවේදනයක් නිකුත් කරමින් එරට රජය කියා සිටින්නේ මෙම මළ සිරුරු දෙසැම්බර් 30 වනදා රාත්‍රියේ සොයා ගත් බවයි

මොවුන් 28දෙනා වෙඩි තබා ඝාතනය කර ඇති බවද විදෙස් මාධ්‍ය පවසනවා

මෙම ඝාතනවලට සම්බන්ධ විය හැකි අපරාධකරුවන් හෝ මරා දැමීමට හේතුව පිළිබඳව කිසිදු සාක්ෂියක් මෙතෙක් හමුවී නොමැති බවද විදෙස් මාධ්‍ය පවසනවා

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?