AFC Banner
AFC Banner
Empty Ad

බුම්රාගේ අලුත උපන් බිළිඳාට අෆ්රිඩි මාමාගෙන් තෑග්ගක් (වීඩියෝ)

ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ඊයේ පැවති ඉන්දු – පාකිස්ථාන තරගයට වර්ෂාවෙන් බාධා එල්ලවීම නිසා තාවකාලිකව නවතා දමන්නට සිදු වුණා.

මෙම තරගය සඳහා ඉන්දීය වේග පන්දු යවන ක්‍රීඩක ජස්ප්‍රිත් බුම්රා ද ඉන්දීය කණ්ඩායමට එක්ව සිටි අතර, බුම්රා ඊයේ තරගය සඳහා එක් වුණේ පළමුවරට පිය පදවිය ලැබීමේ සතුටත් සමඟයි.

මේ අතර බුම්රා පිය පදවියට පත්වීම වෙනුවෙන් ත්‍යාගයක් පිරිනමන්නට පාකිස්ථාන වේග පන්දු යවන ක්‍රීඩක ෂහීන් ෂා අෆ්රිඩි ඊයේ කටයුතු කර තිබුණා.

බුම්රාගේ අලුත උපන් පුත්‍රයා වෙනුවෙන් මෙම ත්‍යාගය අෆ්රිඩි විසින් ලබාදී ඇති බවයි වාර්තා වුණේ.

වර්ෂාව හේතුවෙන් තරගය නවතා දැමීමෙන් පසු කණ්ඩායම් දෙකම ඔවුන් නවාතැන්ගෙන සිටින හෝටල් වෙත යාමට සූදානම්ව සිටිය දී ෂහීන් අෆ්රිඩි, බුම්රාව කැඳවා මෙම ත්‍යාගය ලබාදීමටයි කටයුතු කර තිබුණේ.

සහෝදර ක්‍රීඩකයාගෙන් හිමි වූ මෙම විශේෂ ත්‍යාගයට ස්තූතිය පළකරන්නට බුම්රා මෙහිදී අමතක කර තිබුනේ නැහැ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
16
+1
0
+1
3
+1
2
+1
0
+1
6
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?