බුම්රාගේ අලුත උපන් බිළිඳාට අෆ්රිඩි මාමාගෙන් තෑග්ගක් (වීඩියෝ)

ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ඊයේ පැවති ඉන්දු – පාකිස්ථාන තරගයට වර්ෂාවෙන් බාධා එල්ලවීම නිසා තාවකාලිකව නවතා දමන්නට සිදු වුණා.

මෙම තරගය සඳහා ඉන්දීය වේග පන්දු යවන ක්‍රීඩක ජස්ප්‍රිත් බුම්රා ද ඉන්දීය කණ්ඩායමට එක්ව සිටි අතර, බුම්රා ඊයේ තරගය සඳහා එක් වුණේ පළමුවරට පිය පදවිය ලැබීමේ සතුටත් සමඟයි.

මේ අතර බුම්රා පිය පදවියට පත්වීම වෙනුවෙන් ත්‍යාගයක් පිරිනමන්නට පාකිස්ථාන වේග පන්දු යවන ක්‍රීඩක ෂහීන් ෂා අෆ්රිඩි ඊයේ කටයුතු කර තිබුණා.

බුම්රාගේ අලුත උපන් පුත්‍රයා වෙනුවෙන් මෙම ත්‍යාගය අෆ්රිඩි විසින් ලබාදී ඇති බවයි වාර්තා වුණේ.

වර්ෂාව හේතුවෙන් තරගය නවතා දැමීමෙන් පසු කණ්ඩායම් දෙකම ඔවුන් නවාතැන්ගෙන සිටින හෝටල් වෙත යාමට සූදානම්ව සිටිය දී ෂහීන් අෆ්රිඩි, බුම්රාව කැඳවා මෙම ත්‍යාගය ලබාදීමටයි කටයුතු කර තිබුණේ.

සහෝදර ක්‍රීඩකයාගෙන් හිමි වූ මෙම විශේෂ ත්‍යාගයට ස්තූතිය පළකරන්නට බුම්රා මෙහිදී අමතක කර තිබුනේ නැහැ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30
Video thumbnail
වස විස නැති පලතුරු කඩවලට රජයෙන් සහතිකයක් - කඩ සිතියම් ගතකරයි
03:23
Video thumbnail
යෝෂිතගේ ලක්ෂ 730ක ඉඩම් නඩුව කල්යයි - හිනාවකුත් දාගෙන ගැම්මට ආපු හැටි
01:16
Video thumbnail
නි.ආරක්ෂක ඇමතිට බංකු අරගෙන ඇවිත් අපෙන් ආ‍රක්ෂාව ගැන උපදෙස් ගන්නවෙලා
08:03
Video thumbnail
ලාල්කාන්ත මාධ්‍යය පෙන්නලා දැම්ම සත්තම - "මු..මුන් අපේ වචනයකට කෙ#න්නමයි හදන්නේ..කෙ#පල්ලකෝ"
02:53
Video thumbnail
කොමිසමෙන් එළියට ආ බන්දුල හෙළිකල දේ - "අපි වෙනස් ජාතියක දේශපාලන සත්වයෝ"
05:20
Video thumbnail
පන්සලේ විදුලි බල්බ නිවලා චෛත්‍යයේ කොත සහ චූඩාමාණික්‍යය හොරු උස්සලා
01:47
Video thumbnail
රුවන්වැලි මහසෑ නායක හිමියන් ළමා දිනය වෙනුවෙන් කළ අපූරු ක්‍රියාව
14:57
Video thumbnail
නපති ප්‍රධානත්වයෙන් අරඹපු කටුනායකට ගුවන් යානා ඉන්ධන ගෙන යන නව නළ මාර්ගයේ ඉදිකිරීම
01:06
Video thumbnail
සුනිත්‍ය බලශක්ති අධිකාරිය අද බුදියගෙන - වහල මත සූර්ය පැනල ගහන එකේ දොර වහන්න හදන්නේ
04:25