බුදුරුවගල මහා විද්‍යාලයේ ශිෂ්‍ය පාර්ලිමේන්තුව ජනපති ප්‍රධානත්වයෙන් රැස්වෙයි

මොනරාගල – බුදුරුවගල මහා විද්‍යාලීය ශිෂ්‍ය පාර්ලිමේන්තුව ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා.

ඒ පසුගියදා (17) ජනාධිපති ලේකම් කාර්යාලයේ දී යි.

මෙම අවස්ථාවට ජනාධිපති ලේකම් සමන් ඒකනායක, පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර, පාර්ලිමේන්තුවේ කාර්ය මණ්ඩල ප්‍රධානී සහ නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න, පාර්ලිමේන්තුවේ සහකාර මහලේකම් හංස අබේරත්න ඇතුළු පිරිසක් ද එක් ව සිටියා.

සභාව අමතමින් ජනාධිපතිවරයා පැරණි පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ විශිෂ්ට ඉතිහාසය සහ පාර්ලිමේන්තු ක්‍රමයේ විකාශනය පැමිණ සිටි තරුණ සිසුන්ට විස්තර කළා.

සිසු දරු දැරියන් අමතමින් පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය පාර්ලිමේන්තු ක්‍රියාවලිය පිළිබඳ හඳුන්වාදීමක් සිදු කළ අතර පාසල් දරුවන් පාර්ලිමේන්තු ක්‍රමය පිළිබඳ ව දැනුවත් කිරීමට අමතර ව ජනාධිපතිවරයාගේ සංකල්පයකට අනුව අනාගත සිසු පරපුර අතර සමගිය, සහයෝගීතාව වර්ධනය කිරීමේ අරමුණින් ශිෂ්‍ය පාර්ලිමේන්තු වඩාත් සක්‍රීය ලෙස ක්‍රියාත්මක වන බව මහලේකම්වරිය අවධාරණය කිරීම ද මෙහිදී සිදුවුණා.

පාර්ලිමේන්තුව පුරවැසියන් සමග සම්බන්ධ කරමින් මහජනතාව සහ පාර්ලිමේන්තුව එකිනෙකාට සමීප කිරීමට මෙම සියලු ක්‍රියාමාර්ග ගන්නා බව ඇය වැඩිදුරටත් පෙන්වා දුන්නා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විෂ බෙහෙත් ගැන ජගත් විතානගෙන් විශේෂ හෙළිදරව්වක්.."මල් කැකුළක් අකාලයේ නැතිවුණේ..මේක ඝා#නයක්"
06:25
Video thumbnail
කඩුගන්නාව නගර සභාවේ බලය සජබයට රැකගන්න බැරිවෙලා
02:02
Video thumbnail
මල් පැල කියලා ඇවිත් තියෙන්නේ ගංජාකාරයෝ ටිකක්
03:06
Video thumbnail
විශේෂ පාර්ලිමේන්තු විවාදය 2025.12.18
03:35:08
Video thumbnail
අන්ධවෙලා දුර්වල මට්ටමක සිටි අලියව සංවිධානාත්මකව දිවි අහිමි කරලා..මේ කරන දේවල් තමයි රටට පළදෙන්නේ
02:36
Video thumbnail
චාමර කෑගහලා කිව්ව කතාව බොරුවක් වුණ හැටි මෙන්න..
01:50
Video thumbnail
යුරෝපා සංගමයෙන් දුන් ඇස් උඩයන තෑග්ග..කොහොමද බඩුටික දැක්කමත් පුදුමයිනේ ?
01:10
Video thumbnail
විශාල බෝ ගසක් කඩා වැටී බස් රථ දෙකකට හානි
01:50
Video thumbnail
උඩුනුවර ප්‍රාදේශීය සභාව දැඩි උණුසුම්වෙයි..SJB මන්ත්‍රීවරයෙක් පොත ඉරා දමයි..ඔයා යුක්තිගරුක වෙන්න..
19:49
Video thumbnail
ජනාධිපතිතුමා නිදි නැතුව දැඩි පීඩනයෙන් හිටියේ - අපි අගයන්න ඕනේ
07:11


?