බුද්ධි ගලනය නැවැත්වීමට රජය සෑම උත්සාහයක්ම ගන්නවා – නියෝජ්‍ය ආරක්‍ෂක ඇමති

සෑම කෙනෙකුටම අවස්ථාවන්ගෙන් පිරුණු යහපත් පරිසරයක් නිර්මාණය කරමින් රට වර්තමානයේ මුහුණ දී සිටින බුද්ධි ගලනය නැවැත්වීමට සෑම උත්සාහයක්ම ගන්නා බව නියෝජ්‍ය ආරක්‍ෂක අමාත්‍ය විශ්‍රාමික මේජර් ජෙනරල් අරුණ ජයසේකර පවසනවා.

ඒ, සඳහා වත්මන් රජය අධ්‍යාපනයට ප්‍රමුඛස්ථානයක් දී ඇති බවයි රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ.

රත්මලාන ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ සංචාරයකට ඊයේ (09) පැමිණි අවස්ථාවේ දී ඔහු මේ බව සඳහන් කර සිටියේ.

විනය සහ යහපත් හැසිරීම පවත්වා ගනිමින් තරුණ පරපුරට දැනුම සහ කුසලතා පදනම් කරගත් අධ්‍යාපනය ලබාදීමේ වැදගත්කම ඔහු මෙහිදී අවධාරණය කළා.

ජීවිතයේ සෑම ක්ෂේත්‍රයකම පාලනයක් හා විනයගරුක ප්‍රවේශයක් තුළින් නීතියේ ආධිපත්‍යය ක්‍රියාත්මක කිරීමට හැකිවන බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියා.

එමෙන්ම සෑම කෙනෙකුම වගකීමෙන් කටයුතු කරන සමාජයක් තුළ නීතියේ ආධිපත්‍යය තහවුරු කරන ලෙස ඔහු ඉල්ලා සිටියා.

නියෝජ්‍ය අමාත්‍යවරයා මෙහිදී තරුණ උපාධි අපේක්‍ෂකයින්ගෙන් ඉල්ලා සිටියේ ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලය වෙතින් ලබාගත හැකි අධ්‍යාපනය හොඳින් ලබාගෙන රටේ සංවර්ධනයට දායකවන ලෙසයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
0
+1
1
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා - "වීරා"..කැමරා ඇසට හසුවූ දුර්ලබ දසුන මෙන්න
04:27
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන
01:09
Video thumbnail
මැගසින් බන්ධනාගාරයේ රැඳවියන්ට දිනක ලැබෙන කෑම වේල අවතැන්වූවන්ට දෙයි..එයාලගෙත් හිත් උණු වෙනවා
01:52
Video thumbnail
"වහාම හදිස්සි නීතිය යටතේ හඳුන්නෙත්තිව අත්අඩංගුවට ගන්න"මිහින්තලේ හිමි කුපිත වී ලෙසටම දෙසයි
03:49
Video thumbnail
"අපි සිප්පි කටු පස්සෙන් ගිය නිසා අපිට වාලම්පූරි මඟහැරුණා.."සමහරු එයාලගේ ප්‍රතිරූප ගොඩනඟා ගන්න දගලනවා
07:55
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන..දැකපු දෙස් විදෙස් අයත් මවිත වුණ දේ
01:33
Video thumbnail
Kasthirama | "යළි ගොඩනැගෙන්නට සවිය අවැසි හෙට දවස" - කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:25:26
Video thumbnail
මෙන්න කාළගුණයේ වෙන්න යන නොසිතූ වෙනස..අත්‍යවශ්‍ය වැඩවලට විතරක් එළියට යන්න
04:02
Video thumbnail
රාජාංගනයේ මිනිස්සු එකතුවෙලා විනාශ වුණ ඇළ බන්ට් එක හදපු හැටි.."මිණි මුතු නෙවෙයි වටින්නේ එකමුතුකම"
07:53
Video thumbnail
මාර්ග පිරිසිදු වූ වහාම ලංගම බස් පාරට දාන්න ලංගම සභාපති පෙරට..අපි සප් එකක් දෙන්නම් ඔයලා දුවන්න ඕනි
02:02


?