බුත්තලට වනඅලි තර්ජන උග්‍ර වෙයි – ගම් වැදි අලීන් වගා වනසයි

බුත්තල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් මහගොඩයාය ප්‍රදේශයට මේ දිනවල වනඅලි තර්ජනය උග්‍ර වී ඇති බව ප්‍රදේශයේ ජනතාව පවසනවා.

ඔවුන් පෙන්වාදෙන්නේ; එලෙස ගම්වැදි වනඅලි විසින් ප්‍රදේශයේ වගා කර තිබූ ගස්ලබු, පොල්, කෙසෙල් ඇතුළු වගාවන් රැසක් ම විනාශ කර දමා ඇති අතර දේපල රැසකට ද හානි සිදු කර ඇති බවයි.

වසර ගණනාවක සිට මෙම ප්‍රදේශයට වනඅලි තර්ජනය එල්ල වීම ප්‍රසිද්ධ කාරණයක්.

නමුත් කෙතෙක් වගකිව යුතු බලධාරීන්ට සහ නිලධාරීන්ට ද දැනුම් දුන්න ද, මේ වන තෙක් වනඅලි ගැටලුවලට විසඳුමක් ලැබී නැති බවයි ගම්වැසියන් චෝදනා කරන්නේ.

සවස 06 පමණ වන විට වනඅලි ගම්මානයට කඩා වදින බවත්; එලෙස ගම්වැදි වනඅලි උදෑසන වන තෙක් ගම්මානයේ රැඳී සිටින බවත් ජනතාව පවසනවා.

දීර්ඝ කාලයක සිට තමන් පීඩාවට පත් වී ඇති මෙම වනඅලි ගැටලුවලට කඩිනමින් විසඳුමක් ලබාදෙන ලෙසයි ප්‍රදේශයේ ජනතාව බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
0
+1
3
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බස්වලට නැගලා සද්දේ දාන සිඟිති පාතාලේ - මූණ කු#ඩුවෙන්න දෙන්නේ
01:55
Video thumbnail
රනිල් බුද්ධ ශාසන ඇමතිව අගය කරයි
04:54
Video thumbnail
රනිල් - මහින්ද - මෛත්‍රී - ගෝඨා එකට රැස්වෙයි
02:15
Video thumbnail
ශ්‍රී මහ බෝධියට ජන ගඟක් ගලාගෙන එයි
01:15
Video thumbnail
බෙල්ලන්විල රජමහ විහාරය සිල් සුවඳින් පිරී යයි
01:08
Video thumbnail
'ස්ට්‍රෙන්ත් ඇන්ඩ් හාමනි' සම්මානය දිනා හංසනා දිවයිනට
00:44
Video thumbnail
දෙල්ගොඩ කර්මාන්ත ශාලාවක ලොකු ගින්නක්
02:46
Video thumbnail
ප්‍රබලයින්ගේ වීඩියෝ සෙට් එකක්ම ලීක් වෙයි ? නාමල් රාජපක්ෂ මේක කිව්වට ඒ කාලේ උත්තර දුන්නේ නෑ
10:46
Video thumbnail
අපිට සල්ලි වෙලාවට ලැබිලා තියෙනවා..ඕවා කට කතා..මැටි ගෙයක් වෙනුවට දැන් තට්ටු දෙකේ ගෙයක්
04:50
Video thumbnail
සජිත්ට දේදුන්න පෙන්නන්න එපා..දැක්ක ගමන් පොරට සමලිංගික නැමියාවක් එනවා
19:37


?