AFC Banner
AFC Banner
Empty Ad

බී වාර්තාවක් ගැන, පොලිස්පති බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිගෙන් වාර්තාවක් ඉල්ලයි

නීතිඥවරුන් කිහිපදෙනෙකුට එරෙහිව කෙසල්වත්ත පොලිසිය මගින් අධිකරණය වෙත බී වාර්තාවක් ඉදිරිපත් කිරීම පිළිබඳ පොලිස්පතිවරයා විසින් බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගෙන් වාර්තාවක් කැඳවා තිබෙනවා.

පොලිසිය නිවේදනය කළේ මෙම බී වාර්තාව ඉදිරිපත් කර ඇත්තේ පොලිස්පතිවරයාගේ හෝ පොලිස් මූලස්ථානයේ නීති කොට්ඨාසයේ අනුදැනුමකින් තොරව බවයි.

මේ අතර නීතීඥයින් පිරිසකට එරෙහිව කෙසෙල්වත්ත පොලිසිය ගොනු කළ බී වාර්තාවට අදාළව සවිස්තර වාර්තාවක් ලබාදෙන ලෙසට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව ද පොලිස්පතිවරයාට දැනුම්දී තිබෙනවා.

පසුගිය 8 වනදා නීතීඥවරුන් මෙම විරෝධතාවයේ නිරත වුයේ නීතිපතිවරයා අධිකරණයට කරන ඇඟිලි ගැසීම් හෙළා දකින බවට පවසමින්.

කෙසෙල්වත්ත පොලිසිය විසිනුයි කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට මෙම විරෝධතාව සම්බන්ධයෙන් කරුණු වාර්තා කර ඇත්තේ.

පොලිසිය එමගින් සඳහන් කර තිබුනේ මෙම විරෝධතාව තුළින් මැතිවරණ පනත, මංමාවත් පනත, පොලිස් ආඥා පනත උල්ලංඝනය වූ අතර මේ සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන බවටයි.

මෙම වාර්තාව සලකා බැලූ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා මේ සම්බන්ධයෙන් ඉදිරියේදී පියවර ගෙන කරුණු වාර්තා කරන ලෙස නියෝග කර තිබෙනවා.

මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරන ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව පෙන්වා දෙන්නේ විශේෂයෙන්ම පොලිසිය මෙම බී වාර්තාව ගොනු කර ඇත්තේ කුමන පදනමක් මතද යන්න පිළිබඳව තම කොමිසම අවධානය යොමු කර ඇති බවයි.

පොලිස්පතිවරයාගෙන් අදාළ සවිස්තර වාර්තාව ලැබුණු පසු පරීක්ෂණයක් පැවැත්වෙන බවයි ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවනිවේදනය කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොටහේනේ අවි ගත්තෝ අවි පෙන්න ගිහින් පොලිස් අවියෙන්ම අවසන් ගමන් යයි
01:17
Video thumbnail
කොටහේනේ වෙ# තැබීම නිසා පොලිස් ආරක්ෂාව දැඩි කරයි
07:02
Video thumbnail
සජබයයි - මාලිමාවයි සැර වලියක්
16:35
Video thumbnail
කොටහේන වෙ#ක්කරුවන් අල්ලපු පොලිස් මෙහෙයුම #dasathamidnewstoday #dasathanews #live
00:46
Video thumbnail
කොටහේන වෙ#ක්කරුවන් අල්ලපු පොලිස් මෙහෙයුම
04:06
Video thumbnail
රැවුල මොකද ? ගැළපෙන්නේ නෑ නේද ? - මොකද්ද ප්‍රශ්නේ මම Brand එකක්
01:00
Video thumbnail
කොටහේනේ මේ දැන් වෙ# තැබීමකින් පුද්ගලයෙක් මියයයි #kotahena# #live #dasathamidnewstoday #dasathanews
00:27
Video thumbnail
KASTHIRAMA | පා.ම චන්දිම හෙට්ටිආරච්චි සහ සජබ විධායක කමිටු සාමාජික මහේෂ් සේනානායක සහභාගීවන කස්තිරම
01:26:54
Video thumbnail
ගනේමුල්ල සංජීව මිහිදන් කරලා පොඩි වෙලාවයි - කොටහේනේ වෙ#ඩි පත්තු වෙයි
09:44
Video thumbnail
පාතාලය ඉවර කරන්න ජනපති ලෑස්තියි
07:46

?