බීමතින් සිසු සැරිය පැදවූ රියදුරා අත්අඩංගුවට

බීමතින් පාසල් ළමුන් ප්‍රවාහනය කළ බස් රථ රියදුරෙක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ (19) දහවල් කාලයේ කටුපොත නගරයේ දී පොලිස් නිලධාරීන් විසින් පාසල් ළමුන් ප්‍රවාහනය කළ සිසු සැරිය බස් රථයක් පරීක්ෂාවකට ලක්කර තිබෙනවා.

එහිදී බස් රථයේ රියදුරා බීමතින් සිට ඇති බව අනාවරණය කරගත් පොලිස් නිලධාරීන් ඔහුව අත්අඩංගුවට ගැනීමටයි කටයුතු කර ඇත්තේ.

අත්අඩංගුවට ගැනුණු රියදුරා වයස අවුරුදු 52ක කටුපොත, රදලියගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි පොලිසිය සඳහන් කළේ.

එම අවස්ථවේ දී පාසල් ළමුන් 16 දෙනක් සහ මව්වරුන් දෙදෙනෙක් බස් රථයේ සිට ඇති බවයි වාර්තා වන්නේ.

බස් රථය පොලිස් භාරයට ගෙන ඇති අතර, අත්අඩංගුවට ගැනුණු සැකකරු අද (20) නාරම්මල මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?