බීමතින් සිසු සැරිය පැදවූ රියදුරා අත්අඩංගුවට

බීමතින් පාසල් ළමුන් ප්‍රවාහනය කළ බස් රථ රියදුරෙක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ (19) දහවල් කාලයේ කටුපොත නගරයේ දී පොලිස් නිලධාරීන් විසින් පාසල් ළමුන් ප්‍රවාහනය කළ සිසු සැරිය බස් රථයක් පරීක්ෂාවකට ලක්කර තිබෙනවා.

එහිදී බස් රථයේ රියදුරා බීමතින් සිට ඇති බව අනාවරණය කරගත් පොලිස් නිලධාරීන් ඔහුව අත්අඩංගුවට ගැනීමටයි කටයුතු කර ඇත්තේ.

අත්අඩංගුවට ගැනුණු රියදුරා වයස අවුරුදු 52ක කටුපොත, රදලියගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි පොලිසිය සඳහන් කළේ.

එම අවස්ථවේ දී පාසල් ළමුන් 16 දෙනක් සහ මව්වරුන් දෙදෙනෙක් බස් රථයේ සිට ඇති බවයි වාර්තා වන්නේ.

බස් රථය පොලිස් භාරයට ගෙන ඇති අතර, අත්අඩංගුවට ගැනුණු සැකකරු අද (20) නාරම්මල මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මතක තියාගන්න අනුර කුමාර, නාමල්ව නවත්වන්න බෑ
01:08
Video thumbnail
මහින්දට බැහැලා යන්නත් ඉඩ නෑ, විශාල සෙනඟක් වටකරගනී
01:47
Video thumbnail
තරුණයෙක් සුදු ඉරමත අනතුරට ලක් කළ ත්‍රීවිල් එක
00:15
Video thumbnail
ජනපති අනුර පොළොන්නරුවේ රැළියෙන් පිටව ගිය හැටි
01:19
Video thumbnail
මේක එලවන්න ඕනිලු..එලවන්න අනේ පව් - මෛත්‍රිය, අනුකම්පාව නෑ නිසි දඬුවම් දෙනවා
06:24
Video thumbnail
නාමල් නැති රැළියට යෝෂිත ආපු හැටි
00:59
Video thumbnail
මහින්දගේ ඇස් දෙකට පේන්න නාමල්ව ජනාධිපති කරන්න
02:52
Video thumbnail
මීට කලින් ආණ්ඩු කුඩුකාරයෝ බලා ගන්න ආණ්ඩු - ලොකු මිනිහෙක්ගේ ගෙයක් නාය යන තැන්වල හදන්නේ නෑනේ
04:28
Video thumbnail
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවත්වන ජන සටන
03:27:24
Video thumbnail
පුලතිසිපුරයට ගිහින් ජනපති ගොවියන්ට දුන් සහතිකය - වී අලෙවි මණ්ඩලයට දීපු සතයක්වත් ආණ්ඩුවට එපා
11:06