AFC Banner
Empty Ad
Empty Ad

බීමතින් මාර්ගයේ ගමන් කළ පුද්ගලයෙක් කානුවට වැටී මරුට

අද දින (26 ) සවස සීදූව පොලිස් වසමෙි මුතුවාඩිය මාර්ගයේ පුද්ගලයෙකු කානුවකට වැටී මියගොස් ඇති බවට සීදූව පොලිස් ස්ථානයට ලද දුරකථන පණිවිඩයකට අනුව නිලධාරීන් කණ්ඩායමක් ඵම ස්ථානයට ගොස් පරීක්ෂාකර තිබෙනවා.

එහිදී මියගිය මෙම පුද්ගලයා අධික ලෙස බීමතින් මාර්ගයේ ගමන් කරමින් සිටියදී කානුවට වැටී තුවාල ලබා ඵම ස්ථානයේම මියගොස් ඇති බවට කරුණු අනාවරණය වී තිබුණා.

මියගොස් ඇත්තේ වයස අවුරුදු 56ක් වන රද්දොළුව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්

හදිසි මරණ පරීක්ෂකවරයා විසින් මෘත දේහය පරීක්ෂා කිරීමෙන් පසු පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සඳහා මෘත දේහය මීගමුව දිස්ත්‍රික් මහා රෝහල වෙත රැගෙන ගොස් තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?