spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

බීමතින් අධිවේගී මාර්ගයේ මෝටර් බයික් එකකින් ගිය පොලිස් කොස්තාපල්

කොළඹ පිටත වටරවුම් මාර්ගයට අනවසරයෙන් ඇතුළු වී යතුරු පැදියක් අනතුරුදායක ලෙස ධාවනය කරමින් සුඛෝපභෝගී මෝටර් රථයක ගැටීමට සලසවා අනතුරක් සිදුකළ පොලිස් කොස්තාපල්වරයකු අත්අඩංගුවට ගත් බව දක්ෂිණ අධිවේගී අතුරුගිරිය රථ වාහන අනු පාලක මධ්‍යස්ථානය කියයි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ බෙම්මුල්ල පොලිසියට අනුක්ත කොස්තාපල්වරයෙකි.

අනතුරින් කොස්තාපල් වරයාට සුළු තුවාල සිදු වී ඇත.

සුඛෝපභෝගී මෝටර් රථය කඩවත සිට මාතර දෙසට පැමිණීමේදී සැකකාර කොස්තාපල් එම මාර්ගයේම කඩුවෙල සිට කඩවත දෙස ට යතුරුපැදිය අනතුරුදායක ලෙස ධාවනය කර මෙම අනතුර සිදු කර තිබූ බව පොලිසිය කියයි.

කොතලාවල අධිවේගී පිවිසුමෙන් මාතර දිශාවට ගමන් ගන්නා මාර්ගයෙන් ඇතුළු වී තිබූ කොස්තාපල්වරයා මීටර් 100ක පමණ දුරක් මාතර මාර්ගයේ ගමන් කර ආපසු හරවාගෙන කඩවත දෙසට යතුරුපැදිය ධාවනය කිරීමේදී මෙම අනතුර වී ඇතැයි පොලිසිය පැවැසීය.

අනතුරින් සුඛෝපභෝගි මෝටර් රථයේ ඉදිරිපස වම්පසට බරපතල අලාභ සිදු වී ඇතැයි පොලිසිය කියයි.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී කොස්තාපල්වරයා අධික ලෙස මත්පැන් පානය කර ඇති බවට තහවුරු වූ බව උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය

අධිවේගී මාර්ග රථ රථවාහන පොලිසියේ අධ්‍යක්ෂ ජේෂ්ඨ පොලිස් අධිකාරී චින්තක ගුණරත්න,සහකාර පොලිස් අධිකාරී කපිල අබේනායක, ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අනුරුද්ධ චන්දසේකර මහත්වරුන් ගේ උපදෙස් මත කොළඹ පිටත වටරවුම් මාර්ගයේ අනු පාලක මධ්‍යස්ථානයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එම් එස් අශෝක කුමාර මහතා ඇතුළු කණ්ඩායමක් පරීක්ෂණ පවත්වයි

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?