AFC Banner
AFC Banner
Empty Ad

බීමත්ව මෝටර් රථයක් ධාවනය කරමින් ශ්‍රී පාද වන්දනාවේ ආ තරුණියට වැඩ වරදී

බීමත්ව මොටර් රථයක් ධාවනය කරමින් ශ්‍රී පාද වන්දනාවේ පැමිණි තරුණියක් අධිකරණයට

බීමත්ව මොටර් රථයක් ධාවනය කරමින් ශ්‍රී පාද වන්දනාවේ පැමිණි තරුණියක් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව වරද පිළිගෙන තිබෙනවා.

සැකකාර තරුණිය නල්ලතන්නිය පොලිසිය විසින් මීට පෙර අත්අඩංගුවට ගෙන ඇප මත මුදා හැර තිබුණා.

ඒ අද හැටන් දිසා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට දන්වමින්.

අද (21) හැටන් දිසා විනිසුරු සහ මහෙස්ත්‍රාත් වෙත ඉදිරිපත් කිරිමෙන් අනතුරුව සැකකාරිය වරද පිළිගත් බැවින් රුපියල් 25000ක දඩයක් සහ රියදුරු බලපත්‍රය මාස තුනකට අත්හිටුවිමට මහෙස්ත්‍රාත්වරයා නියෝග කර තිබෙනවා.

මෙලෙස දඩ නියම කර ඇත්තේ අම්බලන්තොට ප්‍රදේශයේ පදිංචි 18 හැවිරිදි තරුණියකටයි.

ඇය පසුගිය 16 වනදා අධික ලෙස බිමත්ව තරුණයන් දෙදෙනෙකු සමග මොටර් රථයක් ධාවනය කරමින් අම්බලන්තොට සිට නල්ලතන්නිය වෙත පැමිණි අවස්ථාවේ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇප මත මුදා හැර 21 දින අධිකරණය වෙත ඉදිරිපත් වන ලෙස උපදෙස් ලබාදී තිබුණා.

මත්ද්‍රව්‍ය රැගෙන සහ මත්පැන් පානය කර හැටන් මාර්ගය ඔස්සේ ශ්‍රී පාද වන්දනාවේ පැමිණෙන වන්දනාකරුවන් අත්අඩංගුවට ගැනිමට දිවා රාත්‍රි දෙකේම හැටන් ශ්‍රී පාද මාර්ගයේ ස්ථාන කිහිපයකම පොලිස් නිලධාරින් රාජකාරියේ යොදවා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?