බීමත්ව මෝටර් රථයක් ධාවනය කරමින් ශ්‍රී පාද වන්දනාවේ ආ තරුණියට වැඩ වරදී

බීමත්ව මොටර් රථයක් ධාවනය කරමින් ශ්‍රී පාද වන්දනාවේ පැමිණි තරුණියක් අධිකරණයට

බීමත්ව මොටර් රථයක් ධාවනය කරමින් ශ්‍රී පාද වන්දනාවේ පැමිණි තරුණියක් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව වරද පිළිගෙන තිබෙනවා.

සැකකාර තරුණිය නල්ලතන්නිය පොලිසිය විසින් මීට පෙර අත්අඩංගුවට ගෙන ඇප මත මුදා හැර තිබුණා.

ඒ අද හැටන් දිසා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට දන්වමින්.

අද (21) හැටන් දිසා විනිසුරු සහ මහෙස්ත්‍රාත් වෙත ඉදිරිපත් කිරිමෙන් අනතුරුව සැකකාරිය වරද පිළිගත් බැවින් රුපියල් 25000ක දඩයක් සහ රියදුරු බලපත්‍රය මාස තුනකට අත්හිටුවිමට මහෙස්ත්‍රාත්වරයා නියෝග කර තිබෙනවා.

මෙලෙස දඩ නියම කර ඇත්තේ අම්බලන්තොට ප්‍රදේශයේ පදිංචි 18 හැවිරිදි තරුණියකටයි.

ඇය පසුගිය 16 වනදා අධික ලෙස බිමත්ව තරුණයන් දෙදෙනෙකු සමග මොටර් රථයක් ධාවනය කරමින් අම්බලන්තොට සිට නල්ලතන්නිය වෙත පැමිණි අවස්ථාවේ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇප මත මුදා හැර 21 දින අධිකරණය වෙත ඉදිරිපත් වන ලෙස උපදෙස් ලබාදී තිබුණා.

මත්ද්‍රව්‍ය රැගෙන සහ මත්පැන් පානය කර හැටන් මාර්ගය ඔස්සේ ශ්‍රී පාද වන්දනාවේ පැමිණෙන වන්දනාකරුවන් අත්අඩංගුවට ගැනිමට දිවා රාත්‍රි දෙකේම හැටන් ශ්‍රී පාද මාර්ගයේ ස්ථාන කිහිපයකම පොලිස් නිලධාරින් රාජකාරියේ යොදවා තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සෙත් ශාන්තියක් කරගන්න කැබලිත්ත දේවාලයට ආ වන අලියා
00:57
Video thumbnail
සෙත් ශාන්තියක් කරගන්න කැබලිත්ත දේවාලයට ආ වන අලියා - බලන්නකෝ ඉන්න අපූරුව
01:21
Video thumbnail
“දිය ජනනි” පාවෙන සූර්ය විදුලි බලාගාරය විදුලිබල පද්ධතියට එක් කරයි
01:18
Video thumbnail
සෞදියේදී ම#ණ දඬුවම හිමිවූ තරුණයාගේ මව හඬා කියූ දේ
01:00
Video thumbnail
නාමල් බලන්න අධිකරණයට ආ ලක්ෂ්මන් යාපාත් හරවා යවපු හැටි
01:16
Video thumbnail
මේ යන්නේ හිට්ලර් පාලනයක් හදන්න - ජනතාව පැලවත්තේ සිරකරුවන් කරගන්න රජය උත්සාහ කරනවා
14:43
Video thumbnail
මාතර දිස්ත්‍රික්කයේ දරුවන් අයිස් මත්ද්‍රව්‍ය භාවිතයේ වර්ධනයක් - ධීවර හා සංචාරක ප්‍රදේශවල බහුලයි
01:16
Video thumbnail
සීට් බෙල්ට් තියෙන වාහන පමණයි අදින් පසු අධිවේගී මාර්ගවල ගමන් කරන්න පුළුවන්
02:45
Video thumbnail
සෞදියේදී ම#ණ දඬුවම හිමිවූ තරුණයාගේ මව හඬා වැටෙමින් ඉල්ලපු දේ - "පුතාගේ අතින් වුණ වරදට සමාව දෙන්න"
01:19
Video thumbnail
දිලිත් තරුණයින් එක්ක බොක්කෙන්ම කිව්ව දේ - හා..හා..ඩෝබි Commentsවලට කළබල වෙන්න එපා
12:33