බීනා සාර්වාගේ ශ්‍රී ලංකාව ගැන වාර්තා චිත්‍රපටය, ප්‍රියන්ත ප්‍රදීප් රණසිංහ සිංහලට නගයි

ප්‍රියන්ත ප්‍රදීප් රණසිංහ විසින් ‘ණය ප්‍රජාතන්ත්‍රවාදය: ශ්‍රී ලංකාව – සිරස්තලවලින් ඔබ්බට’ යන නමින් සිංහලට නගා නිෂ්පාදනය කළ, බීනා සාර්වාගේ ‘Democracy in Debt: Sri Lanka Beyond the Headlines’ අන්තර්ජාතික වාර්තා චිත්‍රපටයේ, එම සිංහල අනුවාදය ප්‍රදර්ශනය කිරීම සඳහා ඇය මේ මස 26 වනදා දිවයිනට පැමිණීමට නියමිතයි.

දැනට ඇමරිකාවේ වෙසෙන, පාකිස්ථාන බහු මාධ්‍ය, ජනමාධ්‍යවේදිනියක් වන බීනා සාර්වා ශ්‍රී ලංකාව ගැන පසුගිය වසරේදී ඉංග්‍රීසියෙන් නිෂ්පාදනය කළ මිනිත්තු 25ක මෙම වාර්තා චිත්‍රපටයට, ඇමරිකා එක්සත් ජනපදයේ Pulitzer Center හි අනුග්‍රහය ලැබී තිබුණා.

ශ්‍රී ලංකාවේ දුරස්ථ ගම්මානයක (දුටුවැව) මෙන්ම කොළඹදී රූගත කරන ලද මෙම චිත්‍රපටය, ආණ්ඩුකරණය, වගවීම සහ ප්‍රජාතන්ත්‍රවාදී අභිලාෂයන් ගැන ඇති චිරස්ථායී බලාපොරොත්තු සම්බන්ධ විශ්වීය අභියෝග පිළිබඳ බහු ස්ථර ආඛ්‍යානයක් සපයයි.

එය ශ්‍රී ලංකාවට පමණක් නොව, ඉන්දියාව, බංග්ලාදේශය, ඇමරිකා එක්සත් ජනපදය ඇතුළුව ප්‍රජාතන්ත්‍රවාදය සහ වගවීම ආරක්ෂා කිරීමට ජනතාව අරගල කරන ඕනෑම තැනකට අදාළ වනවා.

ශ්‍රී ලංකාවේ පසුගිය ජනාධිපතිවරණයට පෙර, ශ්‍රී ලංකාව, පාකිස්තානය සහ එක්සත් ජනපදය ඇතුළු රටවල් රැසක මෙම චිත්‍රපටය ප්‍රදර්ශනය කර තිබෙනවා.

මහාද්වීප පහක, රටවල් 20 කට ආසන්න සංඛ්‍යාවක සහ ස්ථාන 70 කට අධික ප්‍රමාණයක තිරගත කිරීම්වලින් එහි විචාරාත්මක සහ තීරණාත්මක සාර්ථකත්වය පැහැදිලි වනවා.

ඉන්දියාවේ The Wire මාධ්‍ය ආයතනයේ සිට පකිස්ථානයේ Dawn මාධ්‍ය ආයතනය දක්වා ප්‍රකාශයට පත් කරන ලද ධනාත්මක මාධ්‍ය සමාලෝචන එම සාර්ථකත්වය තව දුරටත් තහවුරු කරනවා.

මෙය ශ්‍රී ලංකාවට වැදගත් වන්නේ, පසුගිය වසරේ ජනාධිපතිවරණය මගින් ඇති කරන ලද සමාජ විප්ලවය සහ දේශපාලන පරිවර්තනය පිළිබඳව මෙම චිත්‍රපටය පුරෝකථනය කිරීමයි.

එමෙන්ම, විදේශීය වාර්තා චිත්‍රපටයක් සිංහලෙන් නිෂ්පාදනය කරන ලද පළමු අවස්ථාව මෙය වනවා.

බීනා සාර්වා බහු මාධ්‍ය, ජනමාධ්‍යවේදිනියක් වන අතර,සංස්කාරකවරියක් සහ වාර්තා චිත්‍රපට නිෂ්පාදකවරියක් ද වනවා.

ඇය පාකිස්ථාන මුද්‍රිත හා රූපවාහිනී මාධ්‍යවල කතෘ මණ්ඩලයන්හි ජ්‍යෙෂ්ඨ තනතුරු හොබවා ඇති අතර, Himal Southasian සඟරාව සහ Panos South Asia ආදී මාධ්‍ය ව්‍යාපාර කිහිපයක ආරම්භක කණ්ඩායම්වල කටයුතු කර තිබෙනවා.

ඇය ලන්ඩන් විශ්වවිද්‍යාලයේ- ගෝල්ඩ්ස්මිත් විදුහලෙන් රූපවාහිනී වාර්තා චිත්‍රපටය පිළිබඳ ශාස්ත්‍රපති උපාධියක් ලබා ඇති අතර, ඇගේ ජාත්‍යන්තර අධිශිෂ්‍යත්ව අතරට හාවඩ් විශ්වවිද්‍යාලයේ ජනමාධ්‍ය සඳහා වන, Nieman Foundation අධිශිෂ්‍යත්වය සහ හාවඩ් කෙනඩි පාසලේ මානව හිමිකම් ප්‍රතිපත්ති සඳහා වූ Carr Center හි අධිශිෂ්‍යත්වයද ඇතුළත්.

2011 සිට, බීනා ඇමරිකා එක්සත් ජනපදයේ බොස්ටන් ප්‍රදේශයේ පදිංචිව සිටින අතර, ඇය ප්‍රින්ස්ටන් විශ්වවිද්‍යාලය, බ්‍රවුන් විශ්වවිද්‍යාලය, හාවඩ් ගිම්හාන පාසල සහ එමර්සන් විද්‍යාලයේ පුවත්පත් කලාව ඉගැන්වූවා.

2021 අගෝස්තු මාසයේදී, බීනා විසින් සංයුක්ත විශේෂාංග සේවා නිෂ්පාදනය කරන ස්වාධීන මාධ්‍ය ආයතනයක් වන “සපාන් නිවුස්” දියත් කරනු ලැබුවා.

එය, එම වසර මුලදී දියත් කරන ලද ස්වෙච්ඡාදායක ව්‍යාපෘතියක් වන වන දකුණු ආසියානු සාම ක්‍රියාකාරී ජාලය හෙවත් සපාන් (Southasia Peace Action Network,/ Sapan ) හි ආරම්භක අදියර තවත් ඉදිරියට යාමක්.

‘ණය ප්‍රජාතන්ත්‍රවාදය: ශ්‍රී ලංකාව – සිරස්තලවලින් ඔබ්බට’ නමින් එහි සිංහල නිෂ්පාදනය, පරිවර්තනය සහ උපදේශනය සිදු කරන ලද්දේ, ශ්‍රී ලංකාවේ මුද්‍රිත, විද්‍යුත් හා නව මාධ්‍ය පිළිබඳ අත්දැකීම් ඇති, වසර 20 කට අසන්න කාලයක් මාධ්‍යව්දියෙකු ලෙස ප්‍රධාන පෙළේ මාධ්‍ය ආයතනවල කටයුතු කළ ප්‍රියන්ත ප්‍රදීප් රණසිංහ විසින්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිටපු ජනපති මහින්ද, ගෝඨාභය, මහින්ද විජේසේකරට සමුදෙන්න පැමිණෙයි..මහින්ද දැක්ක ගමන් ඔක්කොම වඳියි
01:15
Video thumbnail
මහ රෑ අලි ප්‍ර#රයකින් පස්දරු පියෙක් එතනම එළොව ගිහින්..බිරිඳ හැඩූ කඳුලින් වෙච්ච දේ හෙළිකරයි
06:10
Video thumbnail
මරික්කාර් ආණ්ඩුවට කට උත්තර නැති වෙන්නම කියයි..අම්මටහුඩු අම්මලා හිතුවේ බඩුමිල අඩුවෙයි
05:40
Video thumbnail
දිය නෑමට ගිය පාසල් සිසුවෙක් දියට වැ# අතුරුදහන්.."තියෙනවද බොඩිය..හොයාගන්න බෑ ඇතුළේ"
01:13
Video thumbnail
කාසල්රි ජලාශ‍යේ ලොකුම දූපතේ හදිසියේම ඇතිවූ ගින්න
00:24
Video thumbnail
මහින්දට සමුදෙන්න සජිත් ප්‍රේමදාසත් එයි..කට්ටිය වටවෙලා ලොකු කතාවක්
01:06
Video thumbnail
අවු:7කට උඩදි වුණ පාස්කු සිද්ධිය නිසා අපේ වින්දිතයින් තාම දුක් විදිනවා..කෑමොර දීලා සාධාරණය ඉල්ලන්නේ
02:49
Video thumbnail
නලින්ද හර්ෂද ඇතුළු කට්ටියටම ප්‍රශංසා කරලා කිව්ව දේ..රටේ Brand එකක් විදියට ලෝකයට අරන් යමු
07:17
Video thumbnail
1990 ටීෂර්ට් එකක් ඇදගෙන බස් එකෙන් බැස්සම කඩේ මුදලාලි සල්ලි ගන්නේ නෑ..හර්ෂද සිල්වා කිව්ව සුපිරි කතාව
01:56
Video thumbnail
"මිත්‍ර නලින්ද මට ඉස්සෙල්ලම Invite කරපු එක මට පුදුමයක් නෙවෙයි" l Harsha de Silva
05:29