AFC Banner
AFC Banner
Empty Ad

බීඩි කොළ තොගයක් සමඟ තුනක් STF දැලේ (ඡායාරූප)

ලොරි රථයකින් ප්‍රවාහනය කරමින් තිබූ බීඩි කොළ කිලෝ ග්‍රෑම් 1091ක් විශේෂ කාර්ය බලකායේ පුත්තලම කඳවුරේ නිලධාරීන් විසින් සිය භාරයට ගෙන තිබෙනවා.

එහිදී සැකකරුවන් තිදෙනෙක් ද අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

පුත්තලම – පාලාවිය ප්‍රදේශයේ දී අද (10) අලුයම් කාලයේ මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබෙනවා.

උත්සව අවස්ථාවන් සදහා ආහාර සපයන ආයතනයකට අයත් සම්පූර්ණයෙන්ම ආවරණය කරන ලද ලොරි රථයකින් මෙම බීඩි කොළ තොගය ප්‍රවාහනය කරමින් තිබු බවයි විශේෂ කාර්ය බලකා නිලධාරීන් සඳහන් කළේ.

අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් වෙන්නප්පුව – ලුණුවිල සහ කල්පිටිය – පල්ලිවාසල්පාඩුව ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර ඔවුන් වයස අවුරුදු 26,24 සහ 34 යන වයස්වල පසුවන්නන්.

මෙම බීඩි කොළ තොගය ඉන්දියාවේ තූත්තුකුඩියේ සිට මුහුදු මාර්ග‍යෙන් කල්පිටියට ප්‍රදේශයට ගෙනවිත් ඇති බවට විමර්ශණ වලදී හෙළිව තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?