බීඩි කොළ තොගයක් සමඟ තුනක් STF දැලේ (ඡායාරූප)

ලොරි රථයකින් ප්‍රවාහනය කරමින් තිබූ බීඩි කොළ කිලෝ ග්‍රෑම් 1091ක් විශේෂ කාර්ය බලකායේ පුත්තලම කඳවුරේ නිලධාරීන් විසින් සිය භාරයට ගෙන තිබෙනවා.

එහිදී සැකකරුවන් තිදෙනෙක් ද අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

පුත්තලම – පාලාවිය ප්‍රදේශයේ දී අද (10) අලුයම් කාලයේ මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබෙනවා.

උත්සව අවස්ථාවන් සදහා ආහාර සපයන ආයතනයකට අයත් සම්පූර්ණයෙන්ම ආවරණය කරන ලද ලොරි රථයකින් මෙම බීඩි කොළ තොගය ප්‍රවාහනය කරමින් තිබු බවයි විශේෂ කාර්ය බලකා නිලධාරීන් සඳහන් කළේ.

අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් වෙන්නප්පුව – ලුණුවිල සහ කල්පිටිය – පල්ලිවාසල්පාඩුව ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර ඔවුන් වයස අවුරුදු 26,24 සහ 34 යන වයස්වල පසුවන්නන්.

මෙම බීඩි කොළ තොගය ඉන්දියාවේ තූත්තුකුඩියේ සිට මුහුදු මාර්ග‍යෙන් කල්පිටියට ප්‍රදේශයට ගෙනවිත් ඇති බවට විමර්ශණ වලදී හෙළිව තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16
Video thumbnail
සූර්ය බලශක්තියට ආණ්ඩුව ගත් පියවරට චෝදනා? ප්‍රජාතන්තිකරණයට ඉතා හානිවන සූක්ෂම සැලැස්මක් මේ
09:35
Video thumbnail
ඉදිරියේදී 20%ක විතර විදුලි බිල වැඩිවෙනවා ?ඩීසල්වලින් රු.70ක් අඩුවෙනවලු..මේවා ගෙවන්නෙත් අපිනේ
09:13
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56