බීජ වී සැකසුම් වැඩ පිළිවෙළකට යුරෝපා සංගමයේ සහ එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ සහාය

මෙරට වී වගාව තුළින් හෙක්ටෙයාර් එකකට වැඩි අස්වැන්නක් ලබා ගත හැකි වන පරිදි ඒකාබද්ධ ශාක පෝෂණ කළමනාකරණ වැඩ සටහනක් හදුන්වා දීමට හා වැඩි අස්වැන්නක් ලබා ගත හැකි බීජ වී සැකසුම් වැඩ පිළිවෙළක් රට තුළ ක්‍රියාත්මක කිරීමට යුරෝපා සංගමය හා එක්සත් ජාතින්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය එකඟත්වය පළ කර තිබෙනවා.

ඊයේ (22) බටඅත කෘෂිකර්ම උද්‍යානයේ දී පැවැති වැඩ සටහනක දීයි එම සංවිධානයන් විසින් මෙම තොරතුරු අනාවරණය කළේ.

Rice up යනුවෙන් නම් කර තිබු මෙම වී වගා වැඩ පිළිවෙළ ඊයේ ආරම්භ කරනු ලැබුවා.

මෙවර යල කන්නයේ දී දිස්ත්‍රික්ක හතක අඩු ආදායම්ලාභී ගොවි පවුල් 71,000 සඳහා එක් ‌ගොවියෙකුට යුරියා පොහොර මිටියක් බැගින් ලබා දීමට අදාළව යුරියා පොහොර ‌ තොගය නිල වශයෙන් කෘෂිකර්ම අමාත්‍යාංශයට බාර දීම ද සිදු කෙරුණා.

කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති එම අවස්ථාවට යුරෝපා සංගමයේ ශ්‍රී ලංකා හා මාලදිවයින් තානාපති ඩෙනිස් චයිබි, එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ මෙරට නියෝජිත විම්ලේන්ද්‍ර ශරන්, කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් ගුණදාස සමරසිංහ ඇතුලු නිලධාරීන් පිරිසක් සහභාගී වුණා.

රුපියල් බිලියන 1.5ක වටිනාකමින් යුත් යුරියා පොහොර තොගය මෙහිදී කෘෂිකර්ම අමාත්‍යාංශයට බාර දීම යුරෝපා සංගමයේ මෙරට තානාපති ඩෙනිස් චයිබි මහතා විසිනුයි සිදු කරනු ලැබුවේ.

එමෙන්ම වැඩි අස්වැන්නක් ලබා ගත හැකි වගා ක්‍රමයක් වන පැරචුට් ක්‍රමය ගොවි ජනතාවට හඳුන්වා දීම මෙන්ම ඒ සඳහා අවශ්‍ය උපාංග ලබා දීම සනිටුහන් කිරීම වෙනුවෙන් අසළ කුඹුරක පැරචුට් ක්‍රමයට ගොයම් පැළ සිටුවීමේ ආදර්ශන වැඩ සටහනක් ද මෙහිදී පැවැත්වුණා.

මෙරට ගොවීන්ගේ වී අස්වැන්න ඉහළ නැංවීම සඳහා බලපා ඇති ප්‍රබල කාරණයක් වන්නේ උසස් තත්ත්වයේ බීජ වී ලබා ගැනීමට ඇති අපහසුව යි. මේ නිසා වැඩි අස්වැන්නක් ලබා ගත හැකි At 362 බීජ වී තොගයක් ද බාර දී තිබෙනවා.

මෙහිදී අදහස් පළ කළ යුරෝපා සංගමයේ මෙරට තානාපති ඩෙනිස් චයිබි මහතා ප්‍රකාශ කළේ ශ්‍රී ලංකාව පැවැති ආර්ථික දුෂ්කරතාවලින් ක්‍රමයෙන් යථා තත්ත්වයට පත්වෙමින් තිබීම සතුටට කාරණයක් බවයි.

ශ්‍රී ලංකාව මෑත කාලය තුළ විවිධ දුෂ්කරතාවලට මුහුණ දුන්නා. සුනාමි ව්‍යවසනය, යුද්ධය, කොවිඩ් 19 බලපෑම, පාස්කු ප්‍රහාරය හා ඉන්පසු ඇති වූ ආර්ථික අර්බුධකාරී තත්ත්වය ගත් කළ ශ්‍රී ලංකාව ඊට මුහුණ දී ඉතා ඉක්මනින්ම යථා තත්ත්වයට පත් වුනා. ඒ සඳහා ශ්‍රී ලංකාවට ඇති දරා ගැනීමේ ශක්තිය අගය කළ යුතුයි. අපිත් පැවැති ආර්ථික හා ආහාර අර්බුදයෙන් ගොඩ ඒම සඳහා හැකි තරම් සහයෝගය ලබා දුන්නා. ශ්‍රී ලංකාව යළිත් නැගිටිමින් තිබෙනවා. ඒ ගැන යුරෝපා සංගමය විදියට අපිට ආඩම්බරයි. තානාපතිවරයා පැවසීය.

මෙහිදී අදහස් පළ කළ කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා..

අපේ රටේ ගොවි ජනතාව ලබන අස්වැන්න ඉහළ දැමීමට අද දිනඒකාබද්ධ ශාක පෝෂණ කළමනාකරණ වැඩ සටහනක් ක්‍රියාත්මක කළා. ඒ සඳහා යුරෝපා සංගමය විසින් ලබා දෙන සහයෝගය මම රජය වෙනුවෙන් අගය කරනවා. පැවැති ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට නම් අපේ ආහාර නිෂ්පාදනය නැංවීමට ප්‍රමුඛත්වය ලබා දිය යුතුයි යන කාරණය සියලු ජාත්‍යන්තර සංවිධාන අපිට පෙන්වා දුන්නා. ඒ වගේම සහයෝගය පළ කළා.

අපේ රටේ බීජ වී ගැටළුව විසඳීම සඳහා උසස් තත්ත්වයේ බීජ වී සැකසුම් මධ්‍යස්ථාන දෙකක් හම්බන්තොට දිස්ත්‍රික්කයේ ස්ථාපිත කිරීමට යුරෝපා සංගමයත්, ඒක්සත් ජාතින්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයත් එකඟත්වය පළ කර තිබෙනවා. එමනිසා මේ අවස්ථාවේ දී එම සංවිධාන දෙකට මගේ කෘතඥතාවය පළ කිරීමට පියවර ගන්නවා යැයි ද අමාත්‍යවරයා පැවසීය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිටපු ජනපති මහින්ද, ගෝඨාභය, මහින්ද විජේසේකරට සමුදෙන්න පැමිණෙයි..මහින්ද දැක්ක ගමන් ඔක්කොම වඳියි
01:15
Video thumbnail
මහ රෑ අලි ප්‍ර#රයකින් පස්දරු පියෙක් එතනම එළොව ගිහින්..බිරිඳ හැඩූ කඳුලින් වෙච්ච දේ හෙළිකරයි
06:10
Video thumbnail
මරික්කාර් ආණ්ඩුවට කට උත්තර නැති වෙන්නම කියයි..අම්මටහුඩු අම්මලා හිතුවේ බඩුමිල අඩුවෙයි
05:40
Video thumbnail
දිය නෑමට ගිය පාසල් සිසුවෙක් දියට වැ# අතුරුදහන්.."තියෙනවද බොඩිය..හොයාගන්න බෑ ඇතුළේ"
01:13
Video thumbnail
කාසල්රි ජලාශ‍යේ ලොකුම දූපතේ හදිසියේම ඇතිවූ ගින්න
00:24
Video thumbnail
මහින්දට සමුදෙන්න සජිත් ප්‍රේමදාසත් එයි..කට්ටිය වටවෙලා ලොකු කතාවක්
01:06
Video thumbnail
අවු:7කට උඩදි වුණ පාස්කු සිද්ධිය නිසා අපේ වින්දිතයින් තාම දුක් විදිනවා..කෑමොර දීලා සාධාරණය ඉල්ලන්නේ
02:49
Video thumbnail
නලින්ද හර්ෂද ඇතුළු කට්ටියටම ප්‍රශංසා කරලා කිව්ව දේ..රටේ Brand එකක් විදියට ලෝකයට අරන් යමු
07:17
Video thumbnail
1990 ටීෂර්ට් එකක් ඇදගෙන බස් එකෙන් බැස්සම කඩේ මුදලාලි සල්ලි ගන්නේ නෑ..හර්ෂද සිල්වා කිව්ව සුපිරි කතාව
01:56
Video thumbnail
"මිත්‍ර නලින්ද මට ඉස්සෙල්ලම Invite කරපු එක මට පුදුමයක් නෙවෙයි" l Harsha de Silva
05:29