බිළිඳෙකු ඝාතන සිද්ධියකට වසර 05කට පසු වෛද්‍යවරයෙක් අත්අඩංගුවට

දරු ප්‍රසූතියෙන් පසු බිළිඳෙකු ඝාතනයකර ඒම බිළිඳු මළ සිරුර ළිඳකට දැමීමේ සිද්ධියකට අදාළව පොලිසිය විසින් වෛද්‍යවරයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පසුගිය 2017 වසරේ උඩුමහල පාර, මඩකලපුව ප්‍රදේශයේ බිළිඳු මළ සිරුරක් ළිඳක් තුළ තිබී හමුවීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලිසිය විසින් සිදු කළ විමර්ශනයකින් අනතුරුවයි අදාල සැකකාර වෛද්‍යවරයා අත්අඩංගුවට ගැනීමට හැකිව ඇත්තේ.

මඩකලපුව පොලීසිය විසින් අදාල විමර්ශන සිදුකර ඇති අතර, සැකකාර වෛද්‍යවරයා මහනුවර රෝහලට අනුයුක්තව සේවය කළ අයෙක් බවයි වාර්තා වුණේ.

සයින්දමරුදු ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන මොහු 36 හැවිරිදි වියේ පසුවෙන්නෙක්.

සැකකාර වෛද්‍යවරයා 2017 වසරේ දී තම බිරිඳ සමඟ උඩුමහල පාර, මඩකලපුව ප්‍රදේශයේ නිවසක කුලී පදනම මත පදිංචිව සිට තිබෙනවා.

එම නිවසේ සේවය කළ මෙහෙකාරිය විසින් නිවසේ දී දරු ප්‍රසූතියක් සිදුකර ඇති අතර එහිදී බිළිඳාගේ හුස්ම හිරකර ඝාතනය කිරීම සඳහා ආධාර අනුබලදීම සම්බන්ධයෙන් සැකකරුට එරෙහිව චෝදනා එල්ල වී තිබෙනවා.

සැකකාර වෛද්‍යවරයා අද (26) දින මඩකලපුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිත බවයි පොලිසිය පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සජිත්ට දේදුන්න පෙන්නන්න එපා..දැක්ක ගමන් පොරට සමලිංගික නැමියාවක් එනවා
19:37
Video thumbnail
මොඩියුලවල පිටු ග#වලා NPP සමරු පොතේ අලවගන්න..දණගාලා බඩගාලා එන්න කියන එක සාධාරණද ?
07:52
Video thumbnail
සජිත්ව වට කරගෙන මිනිස්සු හඬා වැටෙයි
00:53
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට ගෙන ආ ලෝක කුසලානය
01:07
Video thumbnail
"රජවරු කනෙන් අල්ලලා එළියට දාපු කණ්ඩායමක් ස්වාමීන් වහන්සේලා" අපිට ඉන්දියාවත් හොල්ලන්න පුළුවන්
11:20
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
02:56
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
03:18
Video thumbnail
ඉන්දියාවේ නිලාධාරින් බෝට්ටුවට ඇවිත් හොඳටම ග#ලා..ප#සට අයිසුත් ඔබලා..ඥාතීන් හඬා වැටෙයි
05:39
Video thumbnail
ගමින් ගමට වැඩසටහනට ගිය නාමල්ගෙන් සැර කතාවක්..ජනාධිපති බොරුවට චෙක් බෙදලා..ලැජ්ජා නැහැ
08:45
Video thumbnail
සියලුම බාධාවලට මුහුණ දීලා අපි ඉස්සරහට යනවා
06:07


?