spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

බිළිඳෙකු ඝාතන සිද්ධියකට වසර 05කට පසු වෛද්‍යවරයෙක් අත්අඩංගුවට

දරු ප්‍රසූතියෙන් පසු බිළිඳෙකු ඝාතනයකර ඒම බිළිඳු මළ සිරුර ළිඳකට දැමීමේ සිද්ධියකට අදාළව පොලිසිය විසින් වෛද්‍යවරයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පසුගිය 2017 වසරේ උඩුමහල පාර, මඩකලපුව ප්‍රදේශයේ බිළිඳු මළ සිරුරක් ළිඳක් තුළ තිබී හමුවීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලිසිය විසින් සිදු කළ විමර්ශනයකින් අනතුරුවයි අදාල සැකකාර වෛද්‍යවරයා අත්අඩංගුවට ගැනීමට හැකිව ඇත්තේ.

මඩකලපුව පොලීසිය විසින් අදාල විමර්ශන සිදුකර ඇති අතර, සැකකාර වෛද්‍යවරයා මහනුවර රෝහලට අනුයුක්තව සේවය කළ අයෙක් බවයි වාර්තා වුණේ.

සයින්දමරුදු ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන මොහු 36 හැවිරිදි වියේ පසුවෙන්නෙක්.

සැකකාර වෛද්‍යවරයා 2017 වසරේ දී තම බිරිඳ සමඟ උඩුමහල පාර, මඩකලපුව ප්‍රදේශයේ නිවසක කුලී පදනම මත පදිංචිව සිට තිබෙනවා.

එම නිවසේ සේවය කළ මෙහෙකාරිය විසින් නිවසේ දී දරු ප්‍රසූතියක් සිදුකර ඇති අතර එහිදී බිළිඳාගේ හුස්ම හිරකර ඝාතනය කිරීම සඳහා ආධාර අනුබලදීම සම්බන්ධයෙන් සැකකරුට එරෙහිව චෝදනා එල්ල වී තිබෙනවා.

සැකකාර වෛද්‍යවරයා අද (26) දින මඩකලපුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිත බවයි පොලිසිය පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?