බිරිඳ සැමියා ලවා පැරණි පෙම්වතාගේ කකුල් දෙකම කඩලා

කාන්තාවක් තම සැමියා ලවා පැරණි පෙම්වතාව නිරුවත් කර කකුල් දෙකම කඩාදමා ඇති පුවතක් ගාල්ල ප්‍රදේශයෙන් වාර්තා වනවා.

දොඩංදුව ප්‍රදේශයේ තරුණියක් හික්කඩුව, කලුපෙ ප්‍රදේශයේ පදිංචි තරුණයෙක් සමඟ මීට වසර 10කට පමණ පෙර ගාල්ල කාර්මික විද්‍යාලයේ ඉගෙනුම ලබමින් සිටිය දී ප්‍රේම සම්බන්ධතාවයක් ගොඩනඟාගෙන තිබෙනවා.

කෙසේ වෙතත් එම සම්බන්ධය කාර්මික විද්‍යාලයේ අධ්‍යාපනයෙන් පසුව නතර කර ඇති බවයි වාර්තා වන්නේ.

අනතුරුව තරුණිය වෙනත් පුද්ගලයෙකු සමඟ විවාහ වී ඇති අතර, එහෙත් පැරණි පෙම්වතා ඇයට නිතර නිතර දුරකථනයෙන් ඇමතුම් ලබාගැනීමට හුරු වී සිටි බවයි වාර්තා වුණේ.

මෙලෙස ඇමතුම් ලබාගැනීම ඇතැම් අවස්ථාවල දී ඇයට කරදරයක් ද වී තිබෙනවා.

කෙසේ වෙතත් බිරිඳට මෙලෙස නිතර නිතර ඇමතුම් ලබාගන්නා පැරණි පෙම්වතාව බිරිඳ ලවා දඩල්ල මුහුදු වෙරළට කැඳවා ගැනීමටයි සැමියා කටයුතු කර ඇත්තේ.

පසුගිය දා එලෙස පැමිණි පැරණි පෙම්වතාට සැමියා විසින් බිරිඳ ඉදිරියේ දීම යකඩ පොල්ලකින් පහර දී ඔහුව නිරුවත් කර ඇති බවයි වාර්තා වුණේ.

අනතුරව සැමියා තවත් අයෙකු සමඟ යතුරුපැදියකින් නැඟී පළාගොස් ඇති අතර, බිරිඳ බසයකට නැඟී එම ස්ථානයෙන් පිටව ගොස් තිබෙනවා.

මේ අතර තුර මුහුදු වෙරළට පැමිණි අයෙක් විසින් නිරුවතින් මුහුදු වෙරළේ වැටී සිටි මෙම පුද්ගලයා දැක ඔහුව වහාම රෝහල් ගත කිරීමට කටයුතු කර ඇති බව සඳහන්.

පහරදීමෙන් අදාළ පුද්ගලයාගේ කකුල් දෙකම කැඩී ඇති බවයි වාර්තා වුණේ.

පහරදීම සිදුකළ සැකකරු ගාල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඊයේ (14) දින ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
6
+1
0
+1
12
+1
1
+1
4
+1
5
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විෂ බෙහෙත් ගැන ජගත් විතානගෙන් විශේෂ හෙළිදරව්වක්.."මල් කැකුළක් අකාලයේ නැතිවුණේ..මේක ඝා#නයක්"
06:25
Video thumbnail
කඩුගන්නාව නගර සභාවේ බලය සජබයට රැකගන්න බැරිවෙලා
02:02
Video thumbnail
මල් පැල කියලා ඇවිත් තියෙන්නේ ගංජාකාරයෝ ටිකක්
03:06
Video thumbnail
විශේෂ පාර්ලිමේන්තු විවාදය 2025.12.18
03:35:08
Video thumbnail
අන්ධවෙලා දුර්වල මට්ටමක සිටි අලියව සංවිධානාත්මකව දිවි අහිමි කරලා..මේ කරන දේවල් තමයි රටට පළදෙන්නේ
02:36
Video thumbnail
චාමර කෑගහලා කිව්ව කතාව බොරුවක් වුණ හැටි මෙන්න..
01:50
Video thumbnail
යුරෝපා සංගමයෙන් දුන් ඇස් උඩයන තෑග්ග..කොහොමද බඩුටික දැක්කමත් පුදුමයිනේ ?
01:10
Video thumbnail
විශාල බෝ ගසක් කඩා වැටී බස් රථ දෙකකට හානි
01:50
Video thumbnail
උඩුනුවර ප්‍රාදේශීය සභාව දැඩි උණුසුම්වෙයි..SJB මන්ත්‍රීවරයෙක් පොත ඉරා දමයි..ඔයා යුක්තිගරුක වෙන්න..
19:49
Video thumbnail
ජනාධිපතිතුමා නිදි නැතුව දැඩි පීඩනයෙන් හිටියේ - අපි අගයන්න ඕනේ
07:11


?