මිහින්තලය පොලිස් වසමේ මහකිරින්දේගම ප්‍රදේශයේ පුද්ගලයෙකුට පහරදී ඝාතනය කර ඇති බව පොලිසිය පවසනවා.
ඊයේ (07) උදෑසන කාලයේ මෙම අපරාධය සිදුව ඇති අතර, මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ වයස අවුරුදු 61ක මිහින්තලය, මහකිරින්දේගම ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
පෙරේදා (06) රාත්‍රී කාලයේ මෙම පුද්ගලයා සහ ඔහුගේ බිරිඳ අතර ඇති වූ ආරවුලක් දුරදිග යාමෙන් බිරිඳ විසින් මොට ආයුධයකින් මොහුට පහර දී ඇති බවයි දැනට සිදු කළ විමර්ශනයේදී අනාවරණය වී ඇත්තේ.
අපරාධය සිදුකළ මරණකරුගේ බිරිඳ වන වයස අවුරුදු 53 ක් වන සැකකාරිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් මිහින්තලය පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
1
+1
+1
+1
3
+1
+1





