ස්වාමිපුරුෂයා විසින් තම බිරිඳව තියුණු ආයුධයකින් කපා ගෙළ සිරකර ඝාතනය කළ පුවතක් අම්බලන්තොට, බැරගම ප්‍රදේශයෙන් වාර්තා වනවා.
අද (24) පෙරවරුවේ මෙම අපරාධය සිදුව ඇති අතර, පොලිසිය පවසන්නේ දෙදෙනා අතර ඇති වූ බහින් බස්වීමක් දුරදිග ගොස් මෙම ඝාතනය සිදුකර ඇති බවයි.
පෙරවරු 10.00ට පමණ ස්වාමියා නිවසට පැමිණි අවස්ථාවේ බිරිඳ නොමැති බවට දැනගත් පසු ඇයට දුරකථන ඇමතුමක් දී නිවසට ගෙන්වාගෙන තිබෙනවා.
පසුව දෙදෙනා අතර බහින් බස්වීමක් සිදුව ඇති අතර, එය දුරදිග ගොස් සැමියා විසින් තියුණු ආයුධයකින් බිරිඳට පහර දී ඔහු ඇඳ සිටි යතුරුපැදි ජැකට්ටුවෙන් ගෙළ සිරකර ඝාතනය කර ඇති බවයි අනවරණය වී ඇත්තේ.
පසුව සැකකාර ස්වාමිපුරුෂයා පොලිසියට ගොස් භාරවී තිබෙනවා.
ඝාතනයට ලක්ව ඇත්තේ අවුරුදු 45ක් පමණ වන කාන්තාවක් බවයි පොලිසිය සඳහන් කළේ.














