පසුගිය 31 වැනිදා දින දහවල් ගම්පහ පොලිස් වසමේ මාකවිට ප්‍රදේශයේ නිවසක් තුළ දී කාන්තාවක් සැකකටයුතු ලෙස මිය යෑමේ සිද්ධිය සම්බන්ධයෙන් ගම්පහ පොලිසිය මඟින් විමර්ශන ආරම්භ කර තිබුණා.
ඒ අනුව විමර්ශනයේ දී අනාවරණය වී ඇත්තේ පවුල් ආරවුලක් හේතුවෙන් මරණකාරියගේ ස්වාමි පුරුෂයා විසින් ඇගේ ගෙල සිරකර මෙම ඝාතනය සිදුකර ඇති බවයි.
ඒ අනුව ඝාතනය සම්බන්ධයෙන් වයස අවරුදු 76ක් වූ සැකකරු ඊයේ (03) දින පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ගම්පහ පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1













