බිරිඳගේ සිරුරට ගිනි තබා සැමියා පැන ගිහින් ? – බරපතළ පිළිස්සුම් තුවාල සහිතව රෝහලට

යාපනය අච්චුවේලි ප්‍රදේශයේ නිවසක ඊයේ (26) රාත්‍රියේ කාන්තාවක් පිළිසුම් තුවාල සහිතව රෝහල්ගත කොට ඇතැයි අච්චුවේලි පොලීසිය පවසනවා.

අදාළ නිවසේ කාමරයක් තුළ ගිනිගන්නා තමා බේරාගන්නා ලෙස කෑ ගසමින් සිටි කාන්තාවක අසල්වාසීන් විසින් බේරාගෙන අච්චුවේලි මූලික රෝහලට ඇතුළත් කර ඇති බවයි අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ.

බරපතළ පිළිස්සුම් තුවාල සහිතව වැටී සිටි එම කාන්තාව වැඩිදුර ප්‍රතිකාර සඳහා යාපනය ශික්ෂණ රෝහලට ඇතුළත් කෙරුණා.

කාන්තාව ජීවත් වූ නිවසේ ඇය සහ සැමියා අතර නිතර පවුල් ආරවුල් සිදුවන බවට අසල්වාසීන් විසින් පොලීසියට පවසා ඇති අතර මෙම කාන්තාවට ගිනිතබා සැමියා පලා යන්නට ඇතැයි පොලීසිය සැක පළ කරනවා.

මෙලෙස පිළිස්සුම් තුවාල ලබා ඇත්තේ අච්චුවේලි ප්‍රදේශයේ පදිංචි බාලක්‍රිෂ්ණන් නිරුතිකා නමැති වයස අවුරුදු 27ක් වන කාන්තාවක් වන අතර සිද්ධිය සම්බන්ධයෙන් අචුචුවේලි පොලීසිය වැඩිදුර පරික්ෂණ සිදු කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
2
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බටලන්දේ අහන්න ඕන අඳුරු මතක - අපි මාර විදිහට දුක් වින්දා මහත්තයෝ
32:04
Video thumbnail
පාර්ලිමේන්තු සජිවී විකාශය - 2025.04.09
09:30:44
Video thumbnail
අනුරපුරම කම්පා කළ අනියම් පෙම - ජීවිතය නැති කරලා පාංශුකූලයත් දීලා
04:01
Video thumbnail
මාලිමාවේ මන්ත්‍රී හැමෝම හඬවා අවසන් ගමන් ගිය හැටි
18:17
Video thumbnail
ඇයි වයසක අපිව මෙහෙම රැවට්ටුවේ - වැඩි කරනවා කියපු අපේ විශ්‍රාම වැටුප කෝ
08:23
Video thumbnail
ගාන්ධිතුමාගේ සරලකම ගැන ඔබ නොදත් කතාව
03:27
Video thumbnail
පිල්ලයාන් ගත්තා කියලා දැනගත්ත ගමන් මිනිස්සු පාරට බැහැලා සතුට සමරපු හැටි
00:19
Video thumbnail
මර්වින්ගේ නඩුවට ආපු පුතා මාලක
00:32
Video thumbnail
මර්වින්ගේ නඩුවට ආපු පුතා මාලක - මර්වින්ගේ සෞඛ්‍ය තත්ත්වය අයහපත්
05:34
Video thumbnail
වසන්ත පාර්ලිමේන්තුව දෙවනත් කරයි - අපි තමයි අපේ රටේ ත්‍ර#තවාදය පරාජය කළේ
20:26

?