බිරිඳගේ බෙල්ල කපා සැමියා පැන ගිහින්

සැමියා විසින් ගෙළ කපා සිය බිරිඳව ඝාතනය කළ පුවතක් මාරවිල, කටුනේරිය ප්‍රදේශයෙන් වාර්තා වනවා.

ඊයේ (01) රාත්‍රියේ මෙම ඝාතනය සිදුව ඇති අතර, පොලිසිය පවසන්නේ අපරාධය සිදුකළ බව කියන සැකකාර සැමියා ප්‍රදේශයෙන් පළාගොස් ඇති බවයි.

පවුල් ආරවුලක් මත සැමියා විසින් නිවසේ නිදන කාමරයේ දී තම බිරිඳගේ ගෙළ පිහියකින් කපා ඝාතනය කර ඇති බවයි වාර්තා වුණේ.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ අධිකාරි මුදියන්සේලාගේ තුෂාරි අධිකාරි නැමැති වයස අවුරුදු 44ක කාන්තාවක්.

මේ වනවිට පළාගොස් සිටින සැකකාර සැමියා අත්අඩංගුවට ගැනීමට මාරවිල පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.

අපරාධය සිදුවූ ස්ථානයේ මහේස්ත්‍රාත් පරීක්ෂණය අද පැවැත්වීමට නියමිත බවයි පොලිසිය සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
2
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !