AFC Banner
AFC Banner
Empty Ad

බිරිඳගේ කකුල් දෙකම කපා සැමියා ගෙදරින් පැනලා

බූස්ස, මැදවල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක් තම බිරිඳගේ දෙපා කපාදමා ඇති බව වාර්තා වනවා.

පවුල් ආරවුලක් මත එම පුද්ගලයා තම බිරිඳගේ දෙපා ඊයේ (16) සවස මෙලෙස කපා දමා ඇති බවයි වාර්තා වුණේ.

මෙම අපරාධය සිදුකිරීමෙන් පසු සැකකාර සැමියා ජංගම දුරකථනය ද රැගෙන නිවසේ තිබූ යතුරුපැදියෙන් පළාගොස් තිබෙනවා.

බරපතළ තත්ත්වයේ පසු වූ 34 හැවිරිදි බිරිඳ කරාපිටිය ‍රෝහලට ඇතුළත් කර ඇති බවයි දැනගන්නට ලැබුණේ.

ඇය දොඩන්දූව ප්‍රදේශයේ පාසල ගුරුවරියක් බවයි පොලිසිය සඳහන් කළේ.

සැකකාර සැමියා යුද හමුදාවේ සේවය කර 2018 වසරේ නිත්‍යානුකූල නොවන ආකාරයට ඉන් ඉවත්ව සිටි පුද්ගලයෙකු වන අතර, ඔහුව අත්අඩංගුවට ගැනීමට තෙලිකඩ පොලිසිය විසින් විමර්ශන අරඹා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
7
+1
1
+1
3
+1
4
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?